එක්ස්ප්‍රස් පර්ල් නැවට සිංගප්පූරුවේ නඩු
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
05

එක්ස්ප්‍රස් පර්ල් නැවට සිංගප්පූරුවේ නඩු

එක්ස්ප්‍රස් පර්ල් නැවට සිංගප්පූරුවේ නඩු

 

එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දි ලබා ගැනීම සඳහා අදාළ නැව් සමාගමට විරුද්ධව සිංගප්පූරුවේ ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට උපදෙස් දී තිබේ.

 

එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමඟ පසුගිය 01දා පැවති සාකච්ඡාවකදී නෞකාවෙන් වන්දි ලබා ගැනීමේ කටයුතු ඉක්මන් කරන ලෙස උපදෙස් ලබා දුන්නේය.

 

එම නැව ගිනි ගැනීමෙන් සිදු වූ හානියට වන්දි ඉල්ලා පෙත්සම්කරුවන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කර තිබේ. නැව් සමාගමට විරුද්ධව ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණයක් හමුවේ නඩු පැවරිය හැකි බව නීතිපති සංජය රාජරත්නම් මහතා ද දැනුම් දී ඇතැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ජනාධිපතිවරයාට දැනුම් දුන්නේය.

views

152 Views

Comments

arrow-up