21 ගැන පොහොට්ටු රැස්වීමේදීත් තීන්දුවක් නෑ - අගමැති රනිල් මගදි නැගිට යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
07

21 ගැන පොහොට්ටු රැස්වීමේදීත් තීන්දුවක් නෑ - අගමැති රනිල් මගදි නැගිට යයි

21 ගැන පොහොට්ටු රැස්වීමේදීත් තීන්දුවක් නෑ - අගමැති රනිල් මගදි නැගිට යයි

ඊයේ(06) සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද 21 වන සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව දැනගන්නට ඇත.

 

ඊට අගමැති රනිල් වික්‍රමසිංහ ද සහභාගී වී ඇති අතර හෙතෙම තමන් හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ සිදු කිරීමට යන ආර්ථිකය සම්බන්ධ කතාව පිළිබද පැහැදිලි කිරීමක් කොට තිබේ.

 

මෙම කතාව කිරීමේදී විපක්සයෙන් බාධා එල්ල විය හැති බව පෙන්වා දී ඇති අගමැතිවරයා එම බාධා මැඩගෙන කෑ කෝ ‌නොගසමින් අදහස් දක්වන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කොට ඇත.

 

ඒ අනුව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ 21 වන සංශෝධනය පිළිබද කිසිදු ප්‍රකාශයක් එහිදී සිදු කොට නැත.

 

පසුව අගමැතිවරයා රැස්වීමෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

 

ඉන්පසු විජයදාස රාජපක්ෂ මහතා 21 වන සංශෝධනය පිළිබදව අදහස් දක්වමින් එහි කෙටුම්පත සකස් කරගෙන යන බව සදහන් කොට තිබේ.

 

එහිදී සරත් වීරසේකර මහතා පෙන්වා දී ඇත්තේ ඊයේ අගමැතිවරයා සමග පැවැති සාකච්ජාවේදී මෙය කල්දමන බව අගමැතිවරයා විසින් ප්‍රකාශ කළ බවය.

 

නමුත් ඩලස් අලහප්පෙරුම මහතා ඊට එරෙහිව අදහස් දක්වවමින් ජජනතාවට වූ පොරොන්දුව අනුව 21 වන ව්‍යවස්ථාව ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දී ඇත.

 

එහිදී ඊට එරෙහිව අදහස් දැක්වූ සරත් වීරසේකර මහතා පොහොට්ටුව ජනවරමක් ඉල්ලූවේ ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට නොව පූර්ණ ව්‍යවස්ථාවක් ගෙන ඒමට බවත්, එය මේ වනවිට රොමේෂ්ද සිල්වා මහතා විසින් සකස් කරගෙන යන බවත් සදහන් කොට තිබේ.

 

ඒ අනුව කිසිදු එකගතාවකින් තොරව රැස්වීම අවසන්ව ඇති බවද දැනගන්නට ඇත.

views

638 Views

Comments

arrow-up