ජාතික පාසලක පන්ති කාමරයක සිටිය යුතු උපරිම සිසු සංඛ්‍යාව ප්‍රකාශයට පත් කෙරේ

ජාතික පාසල්වල පළමු ශ්‍රේණිය හා අතරමැදි ශ්‍රේණිවල පන්ති කාමරයක සිටිය යුතු උපරිම සිසු ධාරිතාව සිමාවන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා
ඒ අනුව පළමු ශ්‍රේණියේ එක් පන්ති කාමරයක උපරිම සිසු ධාරිතාව 40 ක් වන අතර සෙසු ශ්‍රේණිවල පන්ති කාමරයක උපරිම ධාරිතාව 45 ක් වේ.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, එක් පන්ති කාමරයක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව සඳහා පනවා ඇති සීමාවන් ඉක්මවා යාමෙන් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ ගැටලු මතුව ඇති බවයි.
ඒ හේතුවෙන් උපරිම සිසු ධාරිතාව නොඉක්මවිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරනවා
656 Views
Comments