පෙබරවාරි අවසන් වනතුරු ශ්‍රී පාද වන්දනාවේ යන්න එපා

එළැඹෙන පෙබරවාරි මාසය අවසන් වනතුරු ශ්‍රී පාද වන්දනාවේ නොඑන ලෙස දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි.
ශ්‍රී පාද වන්දනා කිරීමට ජනවාරි මුල් සති කිහිපයේ බැතිමතුන්ගේ පැමිණීම අධික නිසා , කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය නුවරඑළිය, හැටන් වතු ආශ්‍රිතව පැතිරයාමේ වැඩි අවදානමක් පවතින බැවින් බැතිමතුන් වැඩිවශයෙන් පැමිණීම ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් මෙම පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව අවසර ලබා වන්දනාවේ පැමිණයද කොරෝනා අවදානම් තත්ත්වය පහව නොයන බව අවධාරණයට ගනිමින්, පෙබරවාරි මාසය අවසන් වනතුරු ශ්‍රී පාද වන්දනාවේ නොඑන ලෙස දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි.
මේ අතර, ජනවාරි 17 වැනිදින ශ්‍රීපාදවන්දනාවේ ගිය ගාල්ලේ පාසලක රගර් කණ්ඩායමේ ක්‍රීඩකයින් 12 දෙනෙකු දෙමව්පියන් අතරින් ක්‍රීඩකයන් 4දෙනෙකුට සහ මවකට කොරෝනා ආසාදනය වී ඇති බවට අද(21) තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පැවසීය.
893 Views
Comments