“සිටි බස්” බස් රථ සේවාව අද සිට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
15

“සිටි බස්” බස් රථ සේවාව අද සිට

“සිටි බස්” බස් රථ සේවාව අද සිට

මාකුඹුර සිට පිටකොටුව දක්වා “සිටි බස්” අධි සුඛෝපභෝගි බස් රථ සේවාව අද (15) ආරම්භවීමට නියමිතව තිබෙනවා.

 

ඒ අනුව පළමු අදියර යටතේ කොළඹ ප්‍රදේශය අවට කාර්යාලවල රාජකාරී සඳහා ගමන්කරන මගීන් වෙනුවෙන් මෙම බස්රථ සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතයි

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අධි සුඛෝපභෝගි බස් රථ සේවාව මාකුඹුර බහුවිධ ප්‍රවහන මධ්‍යස්ථානයෙන් ආරම්භ කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංග්ස්ලි රණවක පැවසුවේ.

 

“අද දිනයේදී මාකුඹුර සිට පිටකොටුව දක්වාත් පිටකොටුවේ සිට මාකුඹුර දක්වාත් 138 මාර්ගයේ සහ බත්තරමුල්ල ඔස්සේ මෙම සිටි බස් සේවාව ආරම්භ වෙනවා.

පාර්ක් ඇන්ඩ් රයිඩ් කියන සංකල්පය මත මෙම සේවාව ආරම්භ වෙන්නෙ.

අධික රථවාහන තදබදයක් සමග ගමන් කරන කාර්යාල පිරිස් ඉවත් කරගෙන මෙම බස්රථවලට ලබා ගැනීම තමයි ඉන් අපි බලාපොරොත්තුවෙන්නේ.

ඒ වගේම කාර්යක්ෂමව ඔවුන්ගේ සේවා ස්ථානවලට ඔවුන්ව රැගෙන යෑම.

සෑම මිනිත්තු 10කට වරක්ම මේ බස් රථයක් ඒ මාර්ග ඔස්සේ ගමන් කරනවා.

ගාස්තුව සාමාන්‍ය ගාස්තුව වගේ දෙගුණයක්.”

 

 

views

596 Views

Comments

arrow-up