තවමත් නිදහස් පක්ෂයේ සභාපති මමයි - චන්ද්‍රිකා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
08

තවමත් නිදහස් පක්ෂයේ සභාපති මමයි - චන්ද්‍රිකා

තවමත් නිදහස් පක්ෂයේ සභාපති මමයි - චන්ද්‍රිකා

තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තමන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

 

තමන් තවමත් පක්ෂයෙන් ඉවත් වී නැති බවත් සදහටම පක්ෂයේ සිටින බවත් තවමත් පක්ෂ යාවජීව අනුශාසක ලෙස ද තමන් සිටින බවත් දේශපාලන මණ්ඩලයේ සභිකයකු ලෙස ද තමන් සිටින බවත් හිටපු ජනාධිපතිනිය කියා සිටියා.

 

එසේ වුවද කිසිදු රැස්වීමකට තමාව ගෙන්වීමෙන් වළකින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාක්ෂිකයින්ට දැනුම් දී ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටියා.

 

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ බව කියා සිටියේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ දිවංගත එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ 122වන ජන්ම දිනය වෙනුවෙන් උත්සව සැමරුමට පෙර ගාලුමුවදොර පිහිටි පිහිටි එතුමාගේ ප්‍රතිමාව පුෂ්පෝපහාර දැක්වීමට එක්වූ අවස්ථාවේදීයි.

 

අද බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවය සඳහා ද පක්ෂයෙන් තමන්ට කිසිදු ආරාධනයක් නොකළ බවත් ඇය මෙහිදී කියාසිටියා.

 

 

 

views

576 Views

Comments

arrow-up