සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
15

සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස්

සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස්

2010 වසරේදී සතොස සේවකයින් වෙනත් සේවාවල යෙදවීම සම්බන්ධයෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව කොළඹ මහාධිකරණය අද නිගමනය කර තිබෙනවා.

 

පසුගිය 2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කරනු ලැබ තිබිණි.

 

නඩුව ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි යැයි සඳහන් කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් ගොනු කර තිබුණ ද එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර තිබූ අධිකරණය එම නඩුව විභාග කිරීම සඳහා තීන්දු කර තිබුණා.

 

එම නියෝගයට එරෙහිව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොළඹ මහාධිකරණය හමුවේ ද ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබින.

 

එම ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගත් විනිසුරුවරයා අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබ ඇති ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් ඔහුව නඩු කටයුතුවලින් මුදා හරින ලෙසටත් මෙම තීන්දුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දෙන ලෙසට මිට පෙර නියෝග කර තිබුණා.

 

 

views

546 Views

Comments

arrow-up