ගාල්ල කොළඹ බස් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සොයා ගැනේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
15

ගාල්ල කොළඹ බස් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සොයා ගැනේ

ගාල්ල කොළඹ බස් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සොයා ගැනේ

අද (15) ගාල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සොයා ගැනීමට කොස්ගොඩ ප්‍රදේශයේදී සිදුකෙරුණු විශේෂ වැටලීමකදීයි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත් වුණා.

 

27 හැවිරිදි රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බස් රථය ධාවනය කරන අතරතුර විවිධ ස්ථානවලදී මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

 

ඉන්දියාවේ දී මියගිය බවට සඳහන් කරන අංගොඩ ලොක්කා නැමති අපරාධකරුගේ ගෝලයෙකු වන ලැටී නැමැත්තා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

 

 

views

598 Views

Comments

arrow-up