ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රා සෙනෙකා එන්නත ශ්‍රී ලංකාවේ හදිසි භාවිතයට අනුමැතිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
22

ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රා සෙනෙකා එන්නත ශ්‍රී ලංකාවේ හදිසි භාවිතයට අනුමැතිය

ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රා සෙනෙකා එන්නත ශ්‍රී ලංකාවේ හදිසි භාවිතයට අනුමැතිය

බ්‍රිතාන්‍යයේ සංවර්ධනය කරන ලද කොරෝනා වෛරසයට එරෙහි 'ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා' එන්නත ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබාදී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

 

ඇස්ට්‍රාසෙනෙකා සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් සංවර්ධනය කරන ලද 'ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා' එන්නත ඉන්දියාවේ දැවැන්ත ඖෂධ සමාගමක් වන සේරම් සමාගම විසින් 'කොවිෂීල්ඩ්' නමින් මාත්‍රා මිලියන ගණනක් නිෂ්පාදනය කරනු ලබයි.

 

කෝවිෂීල්ඩ් ලෙස හැඳින්වෙන මෙම එන්නත චිම්පන්සියන්ගෙන් ලබා ගන්නා ඇඩිනෝ වයිරස් ආශ්‍රිත අනුවාදයකින් සාදා ඇති බවයි ඉන්දීය වාර්තා සදහන් කර තිබුණේ .

 

එය කොරෝනා වයිරස් මෙන් වෙනස් කර ඇත. 'කෝවිෂීල්ඩ්' හි කිසිදු අමුද්‍රව්‍යයකට දැඩි ලෙස ආසාත්මිකතා ඇති පුද්ගලයින්ට එය නොගන්නා ලෙස උපදෙස් දී ඇති බව ඉන්දියාවේ සේරම් ආයතනය පවසයි.

 

ඉන්දියාවේ සේරම් ආයතනය විසින් එන්නත ලබගැනීම සඳහා වූ තොරතුරු පත්‍රිකාවට අනුව, මෙම එන්නත කලින් මාත්‍රාවකින් පසුව පුද්ගලයාට දරුණු අසාත්මිකතා ප්‍රතික්‍රියාවක් ඇත්නම් කොවිෂීල්ඩ් එන්නත ලබා නොගත යුතුය.

 

කෝවිෂීල්ඩ් එන්නතෙහි අඩංගු අමුද්‍රව්‍ය වන්නේ “එල්-හිස්ටයිඩින්, එල්-හිස්ටයිඩින් හයිඩ්‍රොක්ලෝරයිඩ් මොනොහයිඩ්‍රේට්, මැග්නීසියම් ක්ලෝරයිඩ් හෙක්සහයිඩ්‍රේට්, පොලිසෝර්බෙට් 80, එතනෝල්, සුක්‍රෝස්, සෝඩියම් ක්ලෝරයිඩ්, ඩිසෝඩියම් එඩේටේට් ඩයිහයිඩ්‍රේට් (ඊඩීටීඒ), එන්නත් කිරීම සඳහා ජලය”

යනුවෙන් ඉන්දීය වාර්තා සදහන් කර තිබෙනවා.

 

 

 

views

573 Views

Comments

arrow-up