“කට්ටියක් මහින්ද මැරෙනකන් රතිඤ්ඤා ලෑස්ති කරගෙන ඉන්නවා” - විමලවීර හඬමින් කියයි

මුළු රටක් ලෙයින් තෙත් කළ මිනීමරු ප්‍රභාකරන් මරා දැමූ අවස්ථාවේ කිරිබත් කා රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීතිඝෝෂා පැවැත්වූ මේ රටේ සමහරුන් මිනීමරු ප්‍රභාකරන් විනාශ කිරීමට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මැරෙන තුරු රතිඤ්ඤා ලෑස්ති කරගෙන අද බලා සිටීම කෙතරම් අභාග්‍යසම්පන්න තත්වයක් දැයි හිටපු අමාත්‍ය විමලවීර දිසානායක හැඬූ කඳුළින් යුතුව ප්‍රශ්න කළේය.
මතු ආත්මයකදීවත් මේ දෙරණේ නොඉපදින්නට තමා ප්‍රාර්ථනා කරන්නේ මෙනිසා බවත් ඔහු පැවසීය.
මහින්ද රාජපක්ෂ කුමන අඩුපාඩු තිබුණත් මේ රටට යම් තීරණාත්මක මෙහෙවරක් කළ ඓතිහාසික චරිතයක් බව තමාගේ අදහස යැයි පැවසූ හෙතෙම එවැනි පුද්ගලයෙකු මැරෙන තුරු අකෘතඥ පිරිසක් මෙලෙස බලා සිටීම අතිශයින්ම ඛේදජනක තත්වයක් බවත් ප්‍රකාශ කළේය.
මිනිසකු නොව සතෙකු මිය ගියත් තමා සතුටු වන පුද්ගලයෙකු නොවන බවද වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගිය දිනයේ බොහෝ දෙනෙකු රතිඤ්ඤා පත්තු කළද තමා එසේ නොකළේ මිනිසෙකු මිය යෑම සතුටුවිය හැකි සිද්ධියක් නොවන බව තමාගේ අභ්‍යන්තරය පෙන්වා දෙන නිසා යැයිද විමලවීර දිසානායක පැවසීය.
මහින්ද රාජපක්ෂ තමාට පෙරේදා දිනයේ කතා කළ බව පැවසූ හිටපු ඇමැතිවරයා ඔහු ඉතා හොඳ සුවයෙන් පසුවන බවත් කියා සිටියේය.
අසාධ්‍ය තත්වයෙන් පසුවන බවට සමහරුන් සිදුකල ප්‍රචාර ගැන තමා ඔහුට පැවසූ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ”ඕවා ඔහොම තමයි විමලේ.. මට අසාධ්‍යයි කියලා මං වත් දන්නෙ නෑ ” යනුවෙන් පවසා මහ හඬින් සිනාසුනු බවද හිටපු ඇමතිවරයා කීවේය.
334 Views
Comments