බංග්ලාදේශ හිමිනමගේ අත්පා මුහුණ ගැට ගසා පැහැරගෙන ගොස් මහමග දමා ගිහින්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
14

බංග්ලාදේශ හිමිනමගේ අත්පා මුහුණ ගැට ගසා පැහැරගෙන ගොස් මහමග දමා ගිහින්

බංග්ලාදේශ හිමිනමගේ අත්පා මුහුණ ගැට ගසා පැහැරගෙන ගොස් මහමග දමා ගිහින්

පිළියන්දල මඩපාත ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් පැහැරගනු ලැබූ විදේශීය ජාතික භික්ෂුන් වහන්සේ නමක් හාලිඇල හැතක්ම ප්‍රදේශයේ මහමග දමා ගොස් සිටියදී පෙරේදා(12) සවස හමුවී ඇතැයි හාලිඇල පොලිසිය කියයි.

 

බංග්ලාදේශ ජාතික 26 හැවිරිදි භික්ෂුනමක් මඩපාත දැන්වීම් පුවරුව අසලදී මෙලෙස පැහැරගෙන අත්පා සහ මුහුණ ගැට ගසා වෑන් රථයකින් රැගෙනවිත් හාලිඇල කැටවල ප්‍රධාන මාර්ගයේ හැතක්ම ප්‍රදේශයේ දමාගෙස් සිටියදී මාර්ගයේ ධාවනය වූ ත‍්‍රිරෝද රථයකින් හාලිඇල පොලිසියට පැමිණ සිද්ධිය පිළිබඳව පැමිණිලි කර ඇත.

 

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි මෙම හිමිනම මහරගම පොලිසියේ පැවති විමර්ශන කටයුත්තක් සඳහා පැමිණ ආපසු විහාරස්ථානය වෙත පැමිණෙමින් සිටියදී කිසියම් පිරිසක් විසින් තමා වෑන් රථයකට දමා අතපය සහ මුහුණ ගැටගසා පැය ගණනාවක් රැගෙනවිත් හාලිඇල හැතක්ම ප්‍රදේශයේ දමා ගොස් ඇතැයි හාලිඇල පොලිසියට පැමිණිලි කර තිබේ.

 

මෙම හිමිනම පැහැරගෙන ඒම පිළිබඳව නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට යොමු කිරීමට නියමිව ඇත.

 

පැහැරගෙන ගිය බවට පැමිණිලි කළ බංග්ලාදේශ ජාතික හිමිනම බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කර තිබේ.

views

611 Views

Comments

arrow-up