මෙරට ධීවරයන් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී ප්‍රහාරයක්

පසුගිය මැයි මස 7 වැනිදා දික්ඕවිට ධීවර වරායෙන් මුහුදු ගිය යාත්‍රා දෙකකට අයත් ධීවරයින් පිරිසක් ජාත්‍යන්තර මුහුදේ දී පහර කෑමට ලක්ව ඇත.
මෙම ධීවරයින් පවසන්නේ මත්ද්‍රව්‍ය ඉල්ලා ඉන්දීය නාවික හමුදා නිලධාරීන් විසින් තමන්ට පහර දුන් බවයි.
සිද්ධියෙන් පහරකෑමට ලක්වූ තිදෙනෙකු මීගමුව මහ රෝහලට යොමු කර ඇති අතර යාත්‍රා දෙකේ ගමන්ගත් ධීවරයින් සංඛ්‍යාව 13 කි.
පසුගිය 04 වැනිදා යාත්‍රා දෙකට ගොඩ වූ ඉන්දීය නාවික හමුදා සෙබළුන් පිරිසක් මෙම පහරදීම සිදුකර යාත්‍රාවේ තිබූ පටිගත කිරීමේ උපකරණද කඩා දැමු බව ධීවරයින් පැවසූහ.
697 Views
Comments