සුදු වෑන් නඩුව යළි කැදවීමට දින නියම කරයි

2015 ජනාධිපතිවරණ සමයෙහි මහත් ආන්දෝලනයට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවටඑරෙහිව ගොනු කර ඇති නඩුව ලබන අප්‍රේල් මස 28 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබෙනවා.
දමිත් තොටවත්ත මහතා ඉදිරියේ අද එම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කළේ යැයි චෝදනාවක් කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට එරෙහිව නඩුව ගොණුකර තිබෙනවා.
692 Views
Comments