මේ වසර අවසන වාහන යළි ආනයනය කිරීමට රජයේ බලාපොරොත්තුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
23

මේ වසර අවසන වාහන යළි ආනයනය කිරීමට රජයේ බලාපොරොත්තුවක්

මේ වසර අවසන වාහන යළි ආනයනය කිරීමට රජයේ බලාපොරොත්තුවක්

දැනට ක්‍රියාත්මක වාහන ආනයනය අත්හිටුවීම මේ වසර අවසන් වන තෙක් ක්‍රියාත්මක කිරීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

 

අද පාර්ලිමේන්තුවේ දීරාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මේ වසර අවසාන වනවිට පවතින තත්වය සලකා බලා ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවයි.

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග යටතේ මෝටර් රථ ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලෙස රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

 

රට තුළ වාහන තිබෙන නිසා අලුතින් වාහන ආනයනය කිරීමට තාවකාලික පදනම මත සීමා පනවා ඇති අතර විනිමය අනුපාතයේ ස්ථාවරත්වය මත එම සීමා ලිහිල් කිරීමට රජය අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

views

871 Views

Comments

arrow-up