බස්නාහිර සෙසු පාසල් ශේණි විවෘත කෙරෙන හැටි - ගුරුවරුන්ටත් එන්නත ලබාදෙන ලෙස අධ්‍යාපන ඇමති ඉල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
29

බස්නාහිර සෙසු පාසල් ශේණි විවෘත කෙරෙන හැටි - ගුරුවරුන්ටත් එන්නත ලබාදෙන ලෙස අධ්‍යාපන ඇමති ඉල්ලයි

බස්නාහිර සෙසු පාසල් ශේණි විවෘත කෙරෙන හැටි - ගුරුවරුන්ටත් එන්නත ලබාදෙන ලෙස අධ්‍යාපන ඇමති ඉල්ලයි

බස්නාහිර පළාතේ පාසල් සෙසු ශ්‍රේණි සඳහාත් දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව ලබන 15 වනදාට පෙර විවෘත කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳව සොයා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

 

පාසල් වල පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමවේදයන් සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ද අමාත්‍යවරයා අද දිනයේ දී කොළඹ දේවි බාලිකා නාලන්දා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඉන් පසුවයි අමාත්‍යවරයා මෙලෙස අදහස් දක්වා සිටියේ.

 

පිරිසක් ලෙස ගුරුවරුන්ටද කොවිඩ් එන්නත ලබා දීමේදී ප්‍රතිකාර ලබාදීම ඉතා සාධාරණ කරුණක් බවත් ඒ පිළිබඳව අධ්‍යයාපන අමාත්‍යවරයා වශයෙන් තමන් රජයෙන් ඉල්ලීමක් කරන බවද අමාත්‍යවරයා පවසා සිටියා.

 

“කොවිඩ් 19 වසංගතය නිසා වසා දැමුණු පාසල් බස්නාහිර පළාතේ හැරෙන්නට අනෙකුත් ප්‍රදේශවල විවෘත වුණ නමුත් පවතින දැඩි අවදානම් තත්ත්වය මත මේ පළාතේ දිස්ත්‍රික්ක තුනේ පාසල් සියලු ශ්‍රේණි සඳහා විවෘත කෙරුණේ නැහැ.

 

නමුත් අවදානම් තත්ත්වය මත දරුවන්ගේ අනාගතය ම අඳුරු කරන්නට අපට බැහැ. වගකිවයුතු රජයක් ලෙස එම වගකීමෙන් මිදෙන්න අපි සූදානම් නැති නිසා ම සියලු අභියෝග මැද ශිෂ්‍යත්ව විභාගය, උසස් පෙළ විභාගය පැවැත්වීමට කටයුතු කළා.

 

සෙසු ප්‍රදේශවල අධ්‍යයන කටයුතු ආරම්භ කළා. අභියෝග ජය ගනිමින් එම ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට අපිට ශක්තියක් තිබුණා”

views

756 Views

Comments

arrow-up