මරණ දඬුවම දීමට මෛත්‍රී ගත් තීරණයට එරෙහි පෙත්සම් විභාගයට දින නියම වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම නියම කිරීමට ගත් තීරණය අත්හිටුවන ලෙස නියෝගයක් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.
ලබන පෙබරවාරි 11 වන දා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් විභාගය ඇරැඹෙනු ඇති.
එල්.ටී.බී දෙහිදෙණිය, විජිත් මලල්ගොඩ, මෘර්දු ප්‍රනාන්දු, එස් තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලට ඇතුලත්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ නියමය අත්හිටුවමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ද එම දිනයේ දක්වා දීර්ඝ කර තිබෙනවා.
820 Views
Comments