වැඩි වූ ඉන්ධන මිල හමුවේ ත්‍රීරෝද රථ ගාස්තුත් ඉහළ දමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
24

වැඩි වූ ඉන්ධන මිල හමුවේ ත්‍රීරෝද රථ ගාස්තුත් ඉහළ දමයි

වැඩි වූ ඉන්ධන මිල හමුවේ ත්‍රීරෝද රථ ගාස්තුත් ඉහළ දමයි

රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තු ද ඉහළ දැමූ බව ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

 

එම සංගමයේ සභාපති ලලිත් ධර්මසේන සඳහන් කළේ ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 100ක් දක්වා ඉහළ දැමීමට සිදු වූ බවයි.

 

දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 80 දක්වා මිල වැඩි කිරීමට තීරණය කළ බවයි සභාපතිවරයා අප කළ විමසීමකදී සඳහන් කර සිටියේ.

 

මේ අතර කුලී ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන ක්‍රමය විධිමත් කරන ලෙස තම සංගමය නව ප්‍රවාහන අමාත්‍යවරයාට දැනුම් දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

 

එමෙන්ම පොදු මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ත්‍රිරෝද රථ සඳහා අපහසුතාවයකින් තොරව ඉන්ධන ලබා ගැනීම සඳහා ක්‍රමයක අවශ්‍යතාවය මේ වනවිට මතුව ඇති බවයි ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පවසා සිටියේ.

 

ඒ සඳහා ද බලශක්ති අමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවයි ඔහු පැවසුවේ.

 

ඉන්ධන මිල සූත්‍රය යළි ක්‍රියාත්මක කිරීමට අනුමැතිය කැබිනට් මණ්ඩලයෙන් ඊයේ (23) දින හිමිවීමත් සමඟ ඉන්ධන මිල ගණන් සංශෝධනයට රජය පියවර ගත්තා.

views

893 Views

Comments

arrow-up