OCT
21
මළ සිරුරු ආදාහනයටත් ගාස්තු වැඩි කරයි – තීන්දුව ඒකමතිකව ස්ථිරයි

ආදාහන සඳහා අයකරන ආදාහනාගාර ගාස්තු සංශෝධනය කිරීමට කුලියාපිටිය නගර සභාව තීරණයක් ගෙන තිබෙනවා.
ගෑස් මිල ඉහළ යෑම හේතුවෙන් රුපියල් අට දහස වෙනුවට දස දහසක මුදලක් කුලියාපිටිය නාගරික හා ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා අයකිරීමටත් ඉන් බැහැර පුද්ගලයන්ගෙන් රුපියල් නවදහස වෙනුවට රුපියල් එකොළොස් දහසක් අයකිරීමටත් ඉදිරියේ දී කටයුතු කරන බවයි කුලියාපිටිය නගර සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මෙවර ගෑස් මිල ඉහළ යෑම දරාගත නොහැකි නිසා නගර සභාවේ සභිකයන් ඒකමතිකව මෙම තීරණය ගෙන තිබෙනවා
711 Views
Comments