ඡායාරූයේ ඇත්ත නැත්ත..ස්ටාලින් මේ වැඩේට කෝටි 85ක් අරගෙනද..?

ගුරු විදුහල්පති විරෝධතා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එම ගුරු විදුහල්පති සංගම් නියෝජිතයන් අතර අරලියගහ මන්දිරයේදී (12) දින වැටුප් අරගලය සමිබන්ධව සාකච්ඡා පැවැත්විය.
මෙි සාකච්ඡාව අතරවාරයේ ලංකා ගුරු සංගමයේ වන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතා ලඟින් සාකච්ඡා කරන පින්තූරයක් සමාජ ජාල ඔස්සේ සංසරණය විය.
ඔවුන් දෙදෙනා අතර ඒ මොහොතේ සිදු වු සංවාදය ශ‍්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය මෙසේ හෙළිදරව් කළාය.
“මෙතුමා ගිහින් කිව්වා අගමැතිතුමාට, සර් මම ජෝසෆ් ස්ටාලින්. මට මඩ ගහනවා කෝටි 85ක් ආවා කියලා කිව්වා. එතකොට මං කිව්වා, ඔව් සර් ඒ ගැන හොයන්න කියලා. ඊට පස්සේ අගමැතිතුමා මෙතුමගේ පිටට අත තියලා කිව්වා අපි සේප්පුවක් හදලා දෙමු ඒක දාන්න කියලා.
හඳපාන්ගොඩ මහත්මිය විසින් පැවසූ එම ප්‍රකාශය සත්‍ය බව ස්ටාලින් මහතාද එහිදී ප්‍රකාශ කළේය.
“ඕව් ඔව්. මෙතුමිය ළඟට ආවාම මම කිව්වා. මෙයා හැම වෙලේම කියනවා කෝටි 85ක් හම්බුණයි කියලා අපිට. මොකක්ද මේ කථාව කියලා. විහිළු කථාවක් මේ කරන්නේ හැමවෙලේම. ඇයි ඉතින් මේ වගේ බොරු කියනවා නේ.”මෙතුමිය.
858 Views
Comments