මල්ලිට පිහියෙන් ඇන්න අයියා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
14

මල්ලිට පිහියෙන් ඇන්න අයියා අත්අඩංගුවට

මල්ලිට පිහියෙන් ඇන්න අයියා අත්අඩංගුවට

මාතලේ කළුදෑවල ප්‍රදේශයේ නිවසක් තුලදී 31 හැවිරිදි තරුණයකු ඝාතනය කර තිබෙන බව මාතලේ මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා.

 

මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි ස්ටීවන් රාජ් නැමැති තරුණයෙකු වන අතර ඔහු එළඹෙන 21 වනදා විවාහ වීමට නියමිතව සිටි අයෙකි.

 

සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවූ මත ගැටුමක් දුරදිග ගොස් අයියා විසින් මල්ලීට මෙලෙස  පිහි ඇනුමක් සිදුකර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.

 

මාතලේ මූලස්ථාන පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි .

 

මියගිය තරුණයා..

 

 

views

819 Views

Comments

arrow-up