OCT
14
හබරාදූවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට

ගාල්ල හබරාදූව, හිනැටිගල ප‍්‍රදේශයේදී අද(14) පෙරවරුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුණයට පත්ව තිබේ.
එලෙස වෙඩිතැබීමෙන් තුවාල ලැබු 43 හැවිරිදි පුද්ගලයා කරාපිටිය රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇත.
මොහු මුදල් පොළියට දෙන අයෙකු බවට පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
764 Views
Comments