ට්‍රම්ප්ගේ පරාජය ප්‍රතික්ෂේප කරමින් පාක්ෂිකයින් දහස් ගණනක් වීදි බසී - වොෂින්ටන් ආරක්ෂාව තර කරයි (PHOTOS)

ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයන් සිටින සහ වේගයෙන්ම ව්‍යාප්ත වන රට බවට පත්ව සිටින එමෙන්ම ඉහළම මරණ සංඛ්‍යාවක් වාර්තා වනු ඇමරිකා එක්සත් ජනපදය පිළිබඳව ජ්‍යත්‍යන්තරයේ වැඩි වශයෙන් කතාබහට ලක් වෙමින් තිබෙනවා.
ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අවසාන තුරුම්පුව වන සෙනට් ඡන්දය ප්‍රතිඵල නිකුත් වෙමින් තිබෙන අතරතුර දී ට්‍රම්ප්ගේ පරාජය දරාගත නොහැකි පාක්ෂිකයින් වොෂින්ටන් නුවරට පැමිණීමේ හේතුවෙන්.
ධවල මන්දිරයට දකුණු දෙසින් පිහිටි වේදිකාවක ට්‍රම්ප් තම පාක්ෂිකයින් අමතමින් සිටින අතර ආධාරකරුවන් දහස් ගණනක් වොෂින්ටනය පුරා විවිධ රැලිවල පෙළපාලි යමින් සිටියි. ඊයේ රාත්‍රී සිටම වොෂින්ටනය පුරා රැස්වූ ට්‍රම්ප්ගේ පාක්ෂිකයින් කණ්ඩායම් වශයෙන් පොලිසිය සමග ගැටුම් ඇති කරගෙන තිබෙනවා.
ආයුධ ළඟ තබා ගැනීම පොලිස් නිලධාරීන්ට පහර දීම තුවක්කු සහ උණ්ඩ ළඟ තබා ගැනීම යන චෝදනා මත පුද්ගලයින් කීප දෙනකු ම මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බවයි වොෂින්ටන් පොලිසිය පවසන්නේ.
වොෂින්ටන් නගරාධිපති මියුරියල් පවසන්නේ වොෂින්ටනයේ වීදි වසා දැමීමට දැනටමත් කටයුතු කර ඇති බවයි. කැරලි මර්දන භටපිරිස් සහ ආරක්ෂක නිලධාරීන් යොදවා වොෂින්ටනයේ ආරක්ෂාව මේ වන විට තර කර තිබෙනවා.
නගර වැසියන්ට නිවෙස් වල ම රැඳී සිටප්‍රතිප්‍රහාර වලින් වළකින්නැයි මේ වන විටත් උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ.
712 Views
Comments