මහව නගරයේදි පොලිස් නිලධාරියෙක්ට පිහි ඇනුමක්

මහව නගරයේදී රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකුට යම් පුද්ගලයෙකු විසින් පිහි ඇනුමක් සිදුකර තිබෙනවා
බරපතල තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුලත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
ඊයේ රාත්‍රියේදී මහව නගරයේ මුර සංචාරයේ යෙදි සිටියදී සැකකටයුතු ලෙස නගරයේ ගැවසුණු පුද්ගලයින් සිව්දෙනෙකු පරික්ෂා කිරීමට යාමේදී මෙලෙස පොලිස් සැරයන්වරයාට පිහියෙන් ඇන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
අනෙක් සැකකරුවන් දෙදෙනා සොයා මහව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියා.
646 Views
Comments