කෘෂිකර්මය නගාසිටුවන්න ඇමෙරිකා සහය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
08

කෘෂිකර්මය නගාසිටුවන්න ඇමෙරිකා සහය

කෘෂිකර්මය නගාසිටුවන්න ඇමෙරිකා සහය

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය ඉහළ නැංවීමට නම් දැනට භාවිතා කරන සාම්ප්‍රදායික කෘෂි දැනුම වෙනුවට නව කෘෂි තාක්ෂණය භාවිතා කළ යුතු යැයි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) පවසයි.

 

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය USAID නියෝජිතයින් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

 

ගොවි ජනතාවට නව කෘෂි තාක්ෂණය හඳුන්වා දීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස කෘෂිකර්ම  අමාත්‍යවරයා ඉල්ලීමක් කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ නියෝජිතයින් කීවෙි ලෝකයේ දියුණුම කෘෂි තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට තම ආයතනය තීරණය කර ඇති බවයි.

 

ශ්‍රී ලංකාවේ කෘෂි අංශය නවීකරණය සඳහා මෑතක දී ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බවත්  ඔවුහු සඳහන් කළහ.

views

187 Views

Comments

arrow-up