“මහබැංකු අධිපති වහා ඉවත් කරන්න, නැතොත් අගමැතිකමෙන් යනවා” - රනිල් ජනාධිපතිට දන්වයි?

වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ එම ධුරයෙන් ඉවත් කළ යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරයාට යෝජනා කර ඇති බව සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.
නව මහ බැංකු අධිපතිවරයා ලෙස දිනේෂ් වීරක්කොඩි පත්කළ යුතු බවටද ජනාධිපතිවරයාට යෝජනා කර ඇති බවත් එසේ නොකලහොත් ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත් තීන්දු තමන්ට ගත නොහැකි බවත් අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇති බව එම වාර්තාවේ සඳහන් වෙයි.
කෙසේ වුවත් අග්‍රාමාත්‍යවරයාගේ මෙම යෝජනාව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇති බවත් කිසිදු හේතුවක් මත නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපතිධූරයෙන් ඉවත් නොකරන බවත් දන්වා ඇතැයි ද වාර්තාව වැඩිදුරටත් කියා සිටියි.
එසේ නම් තමා අග්‍රාමාත්‍ය ධුරයෙන්ද මුදල් ඇමති ධුරයෙන්ද ඉවත් වීමට පියවර ගන්නා බව අගමැතිවරයා පවසා ඇති බවත් එසේ නම් එසේ කරන්නැයි ජනාධිපතිවරයා පවසා ඇති බවත් තව දුරටත් එම වාර්තාව පවසයි.
උපුටා ගැනීම - මව්රට පුවත්පත
723 Views
Comments