ෂර්මිලා රාජපක්ෂට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ දොර වැසෙයි

ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ෂර්මිලා රාජපක්‍ෂගේ සේවය ඊයේ (24) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක පැවසීය.
අමාත්‍යංශයේ නියෝග නොතකා දිගින් දිගට ම කටයුතු කරන බැවින් ඇයගේ නිල කාමරය මුද්‍රා තැබීමට ත්, නිල රථය අමාත්‍යාංශය වෙත පවරා ගැනීමටත් කටයුතු කරන ලෙසට අමාත්‍යංශය වෙත ඇමතිවරයා නියෝග කර ඇත.
මේ අතර, රිදියගම සෆාරි උද්‍යානයේ පශු වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති අතර ඊට හේතු වී ඇත්තේ අධ්‍යක්ෂ ජනරාල්වරිය එහි සිදුකළ සංචාරයක් අතරතුර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් බව වාර්තා වේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ද වහා ම පරීක්‍ෂණයක් කිරීමට තමන් නියෝග කළ බව ඇමතිවරයා කියා සිටියේය.
737 Views
Comments