SEP
18
ජනපති එලිසබෙත් රැජිනට අවසන් ගෞරව දක්වයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පස්වරුවේ දෙවන එලිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දක්වා තිබේ.
ඒ බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් මාලිගයේ දී ය.
එම අවස්ථාවට ජනාධිපති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හා ශ්‍රී ලංකා තානාපතිනී සරෝජා සිරිසේන මහත්මිය ද එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එලිසබෙත් රැජිනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (19) වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී සිදුකිරීමට නියමිතය.
254 Views
Comments