SEP
11
උසස් පෙළ විභාගය කල් දමන්න. විමල් සුසිල්ට ලිපියක් යවයි.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
එහි දැක්වෙන්නේ 2022 උසස් පෙළ විභාගය කල් දමන ලෙසයි.
2022 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සූදානම් වීම සඳහා සාධාරණ කාලයක් ලබාදෙන ලෙස මෙම ලිපියෙන් විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියි.
රට තුළ පැවති කොරෝනා වසංගතය, දින 100ක පමණ ගුරු වර්ජනය, ආර්ථික ආපදා තත්ත්ව හා ඉන්ධන අර්බුදය හේතුවෙන් සිසුන්ට අධ්‍යාපන කටයුතු සඳහා බාධා එල්ල වූ බව එම ලිපියේ සඳහන් වේ.
227 Views
Comments