මීගමුව වාහන අලෙවිසැලේ මුරකරු මියගියේ කොහොම ද

හලාවත මීගමුව මාර්ගයේ දලුවකොටුව ප්‍රදේශයේ මෝටර් රථ ප්‍රදර්ශනාගාරයක මුරකරු ඝාතනය කිරීමේ සිද්ධියේ තොරතුරු මේ වන විට පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.
ඊයේ (11) අලුයම මෝටර් රථ ප්‍රදර්ශනාගාරයට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එහි මුරකරුගේ අත් පා බැඳ දමා ප්‍රදර්ශනාගාරයට ඇතුළු වී වාහන වල පැති කණ්නාඩි සොරකම් කර ඇත.
සැකකරුවන් විසින් මුරකරුගේ අත් පා සහ මුඛය බැඳ දැමීම හේතුවෙන් ඔහුගේ හුස්ම හිර වී මියගොස් ඇති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය ප්‍රකාශ කරයි.
සැකකරුවන් සොරකම් කිරීමෙන් අනතුරුව මුරකරුගේ මුහුණට ජලය ඉස යළි සිහිය ගැනීමට උත්සාහ කරන ආකාරය මෝටර් රථ ප්‍රදර්ශනාගාරයේ තිබූ CCTV කැමරාවල සටහන්ව තිබේ.
මේ නිසා මෙය ඝාතන චේතනාවෙන් සිදුකරන ලද්දක් නොවන බවටද සැකයක් පවතින බව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් තිබුණේ කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනය සිදුකළ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.
238 Views
Comments