නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (04) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 49 දෙනෙක් හදුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 670,176 දක්වා ඉහළ ගියේය.
මේ අතර පෙරේදා (03) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ 04ක් වාර්තා වී තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,711 ක් දක්වා ඉහළ ගියේය.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 30ත් 59ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයෙක් හා වයස අවුරුදු 60ට වැඩි කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් දෙදෙනකි.
මේ වන විට පුද්ගලයන් 652,967 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයින් 498 දෙනෙක් නිවෙස්වල හෝ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
202 Views
Comments