නෝර්වේජියානු තානාපති කාර්යාලය වසා දැමීමේ තීරණයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
09

නෝර්වේජියානු තානාපති කාර්යාලය වසා දැමීමේ තීරණයක්

නෝර්වේජියානු තානාපති කාර්යාලය වසා දැමීමේ තීරණයක්

නෝර්වේ රජය විසින් විදේශයන්හි පවතින එරට තානාපති කාර්යාල ජාලය ආශ්‍රිතව ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීමට තීරණය කර තිබේ.

 

එම ප්‍රතිසංස්කරණයන්හි කොටසක් වශයෙන් කොළඹ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලය ඇතුළු නෝර්වීජියානු තානාපති කාර්යාල 05ක් 2023 ජූලි මස අග වන විට ස්ථිර වශයෙන්ම ම වසා දැමීමට නෝර්වේ රජය තීරණය කර තිබේ.

 

නෝර්වේජියානු විදේශ කටයුතු අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරයි.

 

කෙසේ වෙතත් තානාපති කාර්යාලය වසා දැමුව ද දෙරට අතර මිත්‍රශීලී සහ ප්‍රතිඵලදායී සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම වෙනුවෙන් නොර්වේ රජය ඉදිරියේ දී කැපවී කටයුතු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

views

246 Views

Comments

arrow-up