Monkeypox ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැනුම්දීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
24

Monkeypox ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැනුම්දීමක්

Monkeypox ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැනුම්දීමක්

‘මංකිපොක්ස්’ හෙවත් වඳුරු උණ වෛරසය පාලනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

 

එම සංවිධානය සඳහන් කළේ සාමාන්‍යයෙන් හමු නොවන අප්‍රිකාවෙන් පිටත රටවල එය වසංගතයක් ලෙස පැතිරීම පාලනය කළ හැකි බවයි .

 

වඳුරු උණ වෛරසය ආසාදිතයන් 100කට අධික සංඛ්‍යාවක් මේ වන විට යුරෝපය, ඇමරිකානු මහද්වීපය සහ ඕස්ට්‍රේලියානු මහද්වීපයෙන් හමුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

 

සමේ ආසාදනය සහ උණ සමඟ ඇති වන මෙම වෛරසය පැතිරීම තවදුරටත් ඉහළ යා හැකි වුවද පුළුල් ජන කොටසකට එය පැතිරීමේ අවදානම අවම මට්ටමක පවතින බව විශේෂඥයන් පෙන්වා දෙනවා.

 

මධ්‍යම සහ බටහිර අප්‍රිකානු රටවල ග්‍රාමීය ප්‍රදේශවල, නිවර්තන වැසි වනාන්තර ආසන්නයේ ‘මංකිපොක්ස්’ හෙවත් වඳුරු උණ වෛරසය ආසාදනයවීම මුල්වරට ආරම්භය වී ඇති බවයි හඳුනාගෙන ඇත්තේ.

views

695 Views

Comments

arrow-up