"සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ තියෙන්නේ භීෂණයක්" - ෂර්මිලා රාජපක්ෂ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
25

"සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ තියෙන්නේ භීෂණයක්" - ෂර්මිලා රාජපක්ෂ

"සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ තියෙන්නේ භීෂණයක්" - ෂර්මිලා රාජපක්ෂ

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තුළ මේ වන විට භීෂණයක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ශර්මිලා රාජපක්‍ෂ පැවසුවාය.

 

දෙහිවල සත්වෝද්‍යානයේ සත්ත්ව ආහාර ටෙන්ඩරය හරහා වාර්ෂිකව රුපියල් මිලියන 76කට අධික මුදල් වංචාවක් සිදුවන බවද ඒ සඳහා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ හා වෘත්තීය සමිතිවල මෙන්ම දේශපාලන අධිකාරියේ ආශිර්වාදය ලැබෙන බව ද ඇය කීවාය.

 

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තුළ සිදුවන මෙම සියල්ලට ම මෙම රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ වගකිව යුතු බවද ඇය කියා සිටියාය.

 

ජනමාධ්‍ය තමාට සහාය ලබාදෙන්නේ තමාගේ පොත්ත සුදු නිසා බවට අමාත්‍යවරයා කරන ප්‍රකාශය පිළිබඳව තමා ඉතා ලැජ්ජාවට හා කනගාටුවට පත්වන බව ද ඔහු සිදු කළ මෙම ප්‍රකාශයෙන් ඔහුට ඡන්දය දුන් කාන්තාවන්ට අගෞරව සිදුවන බවද අධ්‍යක්‍ෂ ජනරාල්වරිය සඳහන් කළාය.

 

තමා ඉකුත් 23 වන දින රිදියගම සෆාරි උද්‍යානයේ ක්‍ෂේත්‍ර චාරිකාවක් සඳහා එක්ව සිටියදී එහි සේවකයන් පිරිසක් විසින් එහි සිටි පශු වෛද්‍යවරයකු වන ප්‍රියසාද් එදිරිවර්ණ මහතාට තමා ඉදිරිපිටදීම පහර දුන් බවද ඒ අනුව පෙනී යන්නේ මේ වන විට සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තුළ භීෂණයක් පවතිනවා යන්න බවද ඇය පැවසුවාය.

 

එදින රිදියගම සෆාරි උද්‍යානයේ සිට අධිවේගී මාර්ගය හරහා කොළඹට පැමිණෙමින් සිටින අතරතුර කිසියම් පිරිසක් තමාගේ වාහනයේ රෝද දෙකට වැලි පුරවා කැප්සියුල් එකකින් වසා තිබුණු බව හඳුනාගත් බවද එසේ හඳුනා ගැනීමට නොහැකි වූයේ නම් අධිවේගී මාර්ගයේ පැමිණෙන විට තමාට විශාල අනතුරකට මුහුණ දීමට සිදුව තිබූ බවද ඇය වැඩිදුරටත් කීවාය.

 

රිදියගම සෆාරි උද්‍යානයේ සේවයේ යෙදී සිටි ඉහත සඳහන් වෛද්‍යවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කියා සිටියාය.

views

955 Views

Comments

arrow-up