සරණ නිසා අසරණ වූ රජය
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
13

සරණ නිසා අසරණ වූ රජය

සරණ නිසා අසරණ වූ රජය

හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිටියදී එම ආයතනය යටතේ මිලදී ගත් වාහනයක් වසර 14ක සිට අස්ථානගත කර ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණය වී තිබෙනවා.

 

 

අදාළ වාහනය අස්ථානගත කිරීම හේතුවෙන් රජයට සිදුවී ඇති මුළු අලාභය රුපියල් මිලියන 26 ක් බවයි වාර්තා වන්නේ.

 

 

2008 වර්ෂයේදී රුපියල් 8,095,000ක් වටිනා කැබ් රථයක් මණ්ඩලයේ කිසිදු නිලධාරියෙකුගේ අනුමැතියකින් තොරව එවකට හිටපු සභාපතිවරයා විසින් භාරගෙන මණ්ඩලයේ නමට ලියාපදිංචි කර තිබුනද, එදින සිටම එම වාහනය අස්ථානගත වී ඇති බව මෙහිදී අනාවරණය වුණා.

views

1003 Views

Comments

arrow-up