හෙට සිට පාසල් යළි ආරම්භ කෙරේ - අධ්‍යයන කටයුතු සිදු වන්නේ මෙහෙමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
06

හෙට සිට පාසල් යළි ආරම්භ කෙරේ - අධ්‍යයන කටයුතු සිදු වන්නේ මෙහෙමයි

හෙට සිට පාසල් යළි ආරම්භ කෙරේ - අධ්‍යයන කටයුතු සිදු වන්නේ මෙහෙමයි

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත හෙට (07) සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

 

උසස් පෙළ විභාගය හේතුවෙන් පසුගිය පබරවාරි 7 වන දා සිට පාසල්වල සියලු ශ්‍රේණි සඳහා නිවාඩු ලබා දීමට කටයුතු කර තිබිණි.

 

ඒ අනුව, සිසුන් 20 දක්වා සිටින පන්ති සෑම දිනක ම පැවැත්වෙන අතර සිසුන් 21 සිට 40 දක්වා සිටින පන්තිවල සිසුන් කණ්ඩායම් දෙකකට වෙන් කර සතියක් හැර සතියක් පන්ති පැවැත් වේ.

 

එමෙන්ම, සිසුන් 40ට වැඩි සංඛ්‍යාවක් සිටින පන්තිවල සිසුන් සමාන කොටස් තුනකට වෙන් කර පන්ති පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

 

එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරට ත් දැක්වෙන්නේ, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බවය.

 

තව ද පාසලට නොකැඳවන සිසු කණ්ඩායම්වලට විකල්ප ඉගෙනුම් ක්‍රමවේද භාවිතා කරමින් අදාළ විෂය කොටස් අවරණය කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය දන්වා සිටියි.

views

989 Views

Comments

arrow-up