මෙරට තේ අපනයනය පහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
06

මෙරට තේ අපනයනය පහළට

මෙරට තේ අපනයනය පහළට

මේ වසරේ ජනවාරි මාසයේ මෙරට තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 19.38 දක්වා පෙර වසරට සාපේක්ෂව 7% කින් පමණ පහත වැටී තිබෙනවා.

 

එහිදී මෙරට තේ වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ රුසියාව සහ ඉරාකයයි.

 

චීනය මිලදී ගත් තේ ප්‍රමාණය පසුගිය වසරේ ජනවාරියේ වාර්තාවූ කිලෝග්‍රෑම් මිලියන 1.5 ට සාපේක්ෂව කිලෝග්‍රෑම් හත්ලක්ෂ 38,000 දක්වා පහත වැටී තිබෙනවා.

 

මෙරට තේ නිෂ්පාදනයද ජනවාරි මාසයේදී කිලෝග්‍රෑම් මිලියන 22.82 දක්වා පහත වැටුණා.

 

කෙසේ නමුත් තේ කිලෝග්‍රෑමයක් සඳහා පසුගිය ජනවාරියේ පැවති ඩොලර් 3 යි ශත 30ක සාමාන්‍ය මිල මේ වසරේ ජනවාරියේදී ඩොලර් තුනයි ශත පනහ දක්වා ඉහළ ගොස් තිබෙනවා.

views

642 Views

Comments

arrow-up