ගුණදායක බ්‍රොකලි ගෝවා
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
09

ගුණදායක බ්‍රොකලි ගෝවා

ගුණදායක බ්‍රොකලි ගෝවා

ගෝවා පවුල ගත් විට එම පවුලේ ගෝවා වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. එයින්, ගෝවා, කේල් ( බොකටු, අතු ගෝවා ), මල්ගෝවා, බ්‍රරෑසල්ස් ගෝවා හෙවත් රිකිලි ගෝවා, නපා ගෝවා සහ බ්‍රොකලි ගෝවා ගෝවා ලෙසයි. මෙවැනි ගෝවා වර්ග වල ප්‍රතිඔක්සිකාරක ගුණය මෙන්ම පිළිකා කාරකයන් නැසීමේ ගුණයද ඇත.

 

විද්‍යා පර්යේෂකයන් මීයන් යොදාගෙන කරන ලද පර්යේෂණ වලින් සොයාගෙන ඇති ආකාරයට " ග්ලූටනියෝන් " නම් වූ ට්‍රයිපෙප්ටයිඩ අණු විශේෂය රුධිරයෙහි අන්තර්ගත ඇති බවයි. මෙම සංයෝගය ජීවියෙකුගේ ආයුකාලය වැඩි කිරීමට හේතු වන බවත් සොයාගෙන ඇත. දියවැඩියාව, පිළිකා, හෘද රෝග යන රෝග රැසකට මෙම බ්‍රොකලි ගෝවා හි අන්තර්ගත වන පෝෂ්‍ය පදාර්ථයන් උපකාරී වන අතර බොහෝ කාන්තාවන් ප්‍රිය කරන රුව වැඩි කිරීම හා හිසකෙස් වල මනා සෞඛ්‍ය සම්පන්න බව හා වර්ධනයට ද මෙහි ඇති පෝෂක සංඝටක උපකාරී වේ.

 

පිළිකා සෛල ඇති කරන HDAC නම් එන්සයිමය ( Histone deacetylase ) ශරීරයෙහි අක්‍රිය කිරීමට සමත් වූ සල්ෆ්‍රොපේන් නම් රසායනිකය මෙම බ්‍රොකලි වල අඩංගු වනවා. එමගින් බොහෝ සෙයින් පියයුරු පිළිකාවන් අවම කරගැනීමට හැකියාවද ලැබෙනවා. බ්‍රොකලි වල ඇති පෝෂණ ගුණය, කැලරි ග්‍රෑම් 17 කාබොහයිඩ්‍රේට් ග්‍රෑම් 4 ප්‍රෝටීන් ග්‍රෑම් 1 විටමින් K මයික්‍රෝ ග්‍රෑම් 81.5 මැග්නීසියම් මිලි ග්‍රෑම් 11 ෆොලේට් මිලිග්‍රෑම් 22 ක්ද ඊට අමතරව විටමින් B6, කැල්සියම්, පොටෑසියම්, තයමින්, කෝලීන්, බීටා කැරටීන්, ලූටෙයින් අඩංගු වෙයි. බ්‍රොකලි ගෝවා ළපටි අවධියේ එහි නිස්සාරණය දෙවන කාණ්ඩයෙහි දියවැඩියා මට්ටම පාලනයටද යොදා ගත හැකි බව පර්යේෂ මගින් පෙන්වා දී ඇති අතර මෙම ආහාරය එම රෝගීන්ට ලබා දීමෙන් නිරාහාරව ලබා ගත් රුධිරයේ සීනි මට්ටම මැනීමෙන් අති සාර්ථක ප්‍රතිඵල ගෙන දී ඇති බවද පර්යේෂණ මගින් තහවුරු කොට දක්වන ලදී.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

2166 Views

Comments

arrow-up