ලොව වැඩිම පිරිසක් Subscribe කරන ලද YouTube නාලිකාව (PHOTOS/VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
03

ලොව වැඩිම පිරිසක් Subscribe කරන ලද YouTube නාලිකාව (PHOTOS/VIDEO)

ලොව වැඩිම පිරිසක් Subscribe කරන ලද YouTube නාලිකාව (PHOTOS/VIDEO)

යූ ටියුබ්ය යනු අප කා හටත් අමුතු දෙයක් නම් නොවේ.මෙහි ඉතිහාසය පිලිබඳ සොයා බලන විට,වසර 15වකට පමණ ඉහතදී,එනම් 2005 වර්ෂයේදී මේ යු ටියුබ් ඇප් එක ප්‍රථම වරට ජනතාවට හදුන්වා දෙනවා.එමෙන්ම ප්‍රථම යූ ටියූබ් වීඩියෝව බා ගත කරනුයේ ද යූ ටියුබ්හි සම නිර්මාතෘවරයෙකු වන ජේව්ඩ් කරීම් මහතා විසිනි.ඒ 2005 වර්ෂයේ අප්‍රෙල් 23වන දින “me at the zoo’’ ලෙස තත්පර 18ක විඩියෝවකිනි.අද වන විට දුරකථනයේ කර්යයබහුලම ඇප් අතුරින් එකක් ලෙස යූ ටියුබය හෙවත් ඔබ ටියුබය හඳුන්වා දිය හැකියි.කාලයත් සමඟ නවීකරණය වුනු යූ ටියුබ්හි අද වන වි ඇති නාලිකා ප්‍රමාණය ඉතා විශාලයි.ඒ අතුරින් ලොව වැඩිම පිරිසක් දායක වී සිටිනා යූ ටියුබ් චැනලය ලෙස pewdiepie නාලිකාව හඳුන්වා දිය හැකියි.

 

Pewdiepie

 

 

Subscribers: මිලියන 109කි.

 

Pewdiepie (pew–Dee–P y) නාලිකාව ප්‍රථම වරට ආරම්භ කරන ලද්දේ 2010 වර්ෂයේදී ස්වීඩනයේ ෆෙඉලික්ස් අර්විඩ් උල්ෆ් කිජල්බර්ග් නැමති මේ වන විට 31 වන වියේ පසුවන තරැණයෙකු විසිනි.

 

මූලික වශයෙන් මෙහි බා ගත කෙරැණේ භයානක හා ක්‍රියාදාම වීඩියෝ ක්‍රීඩා වල ක්‍රීඩා කරමු යන ආදියයි. නමුත් අර්විඩ්ගේ නාලිකාව,එය ලියාපදිංචි කරන ලද 2010 වර්ෂයේ සිට ඉදිරි වසර 2ක කාලය තුලදී ජනප්‍රියත්වයේ සැලකිය යුතු වර්ධනයක් අත් කර ගත් අතර 2012 වර්ෂය වන විට ග්‍රාහකයින් මිලියනයකට ආසන්න වන්නට විය.එලෙස වර්ධනය වී නැඟී ආ pewdiepie නාලිකාව ප්‍රථම වරට 2013 වර්ෂය වන විට ලොව වැඩිම පිරිසක් නරඹන යූ ටියුබ් නාලිකාවක් බවට පත් විය.ඇත්තෙන්ම pewpiedie නාලිකාවේ ඇති විශේෂත්වය නම්,නරඹන්නන් ඇඳබැඳ තබා ගන්නා ආකර්ශනීය බව සහ මිනිසුන් සැමවිටම දකින්නේ නෙැමැති දෙයක් ප්‍රසිද්ධියට පත් කිරීමට වෙර දැරීමයි.

 

 

කාලයත් සමඟ,අර්විඩ් විසින් pewdiepie හි බා ගත කරන ලද වීඩියෝවන්හි‌ ශෛලිය වෙනස් කරමින් vlogs,හාස්‍යයෝත්පාදක වැඩසටහන්,සංගීත වීඩියෝ,ආකෘතිගත සන්දර්ශන යන ආදිය ද එයට ඇතුලත් කරන ලදි.අර්විඩ් කෙජල්බර්ගේ යූ ටියුබ්හි ජනප්‍රියතාවය ඉතා ඉහල වන අතර,පුළුල් මාධ්‍ය ආවරණය නිසාම ඔහු වඩාත් සබැඳි පඌර්ෂයක් සහ අන්තර්ගත නිර්මාණකරැවෙකු ද වේ.ඔහුගේ මෙම ඉහල ප්‍රේක්ෂක අවධානය සහ මාධ්‍ය ආවරණය නිසාම ඔහු ක්‍රීඩා කරන ඔ්නෑම මාතෘකාවක් සඳහා,එහි විකිණුම් ඉහළ නංවනු ලැබේ.ඒ විතරක්ම නොවේ 2016 වසරේදී ටයිම්ස් සඟරාව අර්විඩ් ලොව බලගතුම පුද්ගලයන් 100දෙනා අතරට ද පත් කරන ලදි.

 

 

Pewdiepie හි මෙතෙක් වැඩිපුරම නැරඹුම් ලබන ලද වීඩියෝව වන්නේ 2018 ඔක්තොම්බර් 5 වන දින ප්‍රකාශයට පත් කරන ලද “bitch lasagna’’ නම් සංගීත විඩියෝවයි. එය මිලියන 15වකට අධික නැරඹුම් ප්‍රමාණයක් ලබා ගෙන ඇති අතර උපයාගෙන ඇති මුදල 2020 නොවැම්බර් වන විට මිලියන 273කි.

 

 

 

 

 

by Anu Shen

Photo source : Internet

views

843 Views

Comments

arrow-up