FEB
01
වැදගත් නීතිමය කාර්ය පටිපාටි

සිවිල් පුරවැසියන් විධියට ඔබ දැනගෙන සිටීම වැදගත් වන කාර්ය පටිපාටික දේවල් කිහිපයක් පහත පරිදි වේ.
- සිවිල් නඩුවක පලමු නඩු විභාග දිනයට දින 15කට පෙර අනෙක් පාර්ශවයට පිටපත් සහිතව තමන් නඩුවේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන සාක්ෂි සහ ලේඛණ ලැයිස්තුවක් සකස් කරල ඉදිරිපත් කරන්න ඕනෑ.
- ලේඛණ ලැයිස්තු පලමු නඩු පෙර ඉදිරිපත් කරන්න ඕනැ.
- බෙදුම් නඩුවකනම් සාක්ෂි සහ විභාග දිනයට මාසයකට නඩුවක මොකක්හරි පියවරක් ගන්න තියෙනවනම් අවුරුද්දක් ඇතුලත ඒ පියවර ගන්න ඕනැ.
- සිවිල් නඩුවක නඩු තීන්දුවක් තීන්දුවෙන් වසර 10ක් ඇතුලත ක්‍රියාත්මක කරගන්න ඕනෑ.
- සිවිල් නඩුවක් නඩුවක් ඔබට විරුද්ධව ඒකපාර්ශවික විභාග වෙලා තීන්දුවක් භාරදුනොත් භාරදීලා දින 14ක් ඇතුලත ඒක අවලංගු කරන්න ඉල්ලීම කරන්න ඕනැ.
- නඩු තීන්දුවක් ක්‍රියාත්මක කරමින් නඩුවේ පාර්ශවයන් නොවන ඔබව දේපලකින් ඉවත් කලොත් ඉවත් කරපු දින සිට දින 15ක් තුල නැවත භුක්තිය ගන්න ඉල්ලීමක් කරන්න ඕනැ.
- දිසා අධිකරණ තීන්දුවකට විරුද්ධව තීන්දුව දිලා දින 14ක් තුල අභියාචනා කරන බවට දැන්වීම දීලා දින 6ක් තුල අභියාචනා පෙත්සම ඉදිරිපත් කරන්න ඕනැ. දිසා අධිකරණයක තීන්දුව නොවන අතරමැදි නියෝගයකට විරුද්ධව නියෝගය දිලා දින 14ක් තුල අභියාචනා කරන්න ඕනැ.
- මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුවකට විරුද්ධව තීන්දුව දිලා දින 14ක් තුල අභියාචනා කරන්න ඕනැ.
- මහාධිකරණ තීන්දුවකට විරුද්ධව තීන්දුව දිලා දින 14ක් තුල අභියාචනා කරන්න ඕනැ.
- කම්කරු විනිශ්වය සහා තීන්දුවකට විරුද්ධව තීන්දුව දිලා දින 30ක් තුල අභියාචනා කරන්න ඕනැ.
- ගෙවල් කුලී මණ්ඩලයේ තීන්දුවකට විරුද්ධව තීන්දුව දිලා දින 21ක් තුල අභියාචනා කරන්න ඕනැ.
- ඔබට සාමාන්‍යයෙන් සිවිල් නඩුවක නඩුවේ වටිනාකම අනුව ලේඛන වලට මුද්දර ගාස්තු ගෙවන්න ඕනැ.රැපියල් 1000 කට රැපියල් 1 ක මුද්දර ගාස්තුවක් අයකරනවා.හැබැයි උපරිම මුද්දර ගාස්තුව රුපියල් 1000කට සීමා සිවිල් අභියාචනාධිකරණයේ ඉහත ගාස්තුවම වෙනවා.
- අභියාචනාධිකරණයේ පෙරකලාසිය,පෙත්සම සහ විරෝධතා වලට රු. 0 ක මුද්දර ගාස්තුවක් අවශ්‍ය වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගාස්තුවක් විදියට රු.200ක් නඩුව ගොනු කරද්දි අය කරනවා.
- බෙදුම් නඩු, කුලවැද්දුම් නඩු, මානව හිමිකම් නඩුවල මුද්දර ගාස්තු නැහැ.
- සාමාන්‍යයෙන් අධිකරණ නඩු වාර්තාවක සහතික පිටපතක් ගන්න ඡායා පිටපතකට රු 8ක් සහ යතුරු ලියනය කල පිටපතකට රු 20 ක් පමණ වැය වෙනවා.
- දිවුරුම් ප්‍රකාශයකට රු.50 ක මුද්දරයක් අවශ්‍ය වෙනවා.
By : Dilki Shamani
Photo Source : Iternet
986 Views
Comments