ලෝකයේ අද්භූත ස්ථානයක් වන බර්මියුඩා ත්‍රිකෝණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
30

ලෝකයේ අද්භූත ස්ථානයක් වන බර්මියුඩා ත්‍රිකෝණය

ලෝකයේ අද්භූත ස්ථානයක් වන  බර්මියුඩා ත්‍රිකෝණය

ලෝකයේ වඩාත්ම අද්භූත ස්ථානයක් වන බර්මියුඩා ත්‍රිකෝණය මෙය සාගරයේ බටහිර කොටසෙහි පිහිටි නැව් සහ අහස් යානා අතුරුදහන් වන ප්‍රදේශයකි.

මේ ප්‍රදේශයේ කිසියම් අමුත්තක් තියෙන බව මුලින්ම හෙලි කරලා කරලා තියෙන්නේ ක්‍රිස්ටෝපර් කොලම්බස්.

ක්ෂිතිජය අසල නැළවෙමින් පවතින එළියක් තියෙන බව ඔහු සහ ඔහුගේ කාර්ය මණ්ඩලය නිරික්ෂණය කරලා තියෙනවා.

 

බර්මියුඩා ත්‍රිරිකෝණයේදී සිදුවූ අබිරහස් අතුරුදන්වීමක් පිළිබඳ මුළින්ම වාර්තා කරලා තියෙන්නේ 1950 සැප්තැම්බර් 16 වැනිදා AP පුවත් සේවයේ මාධ්‍යයවේදී එඩ්වඩ් වැන් ජෝන්ස්.ඊට අවුරුදු දෙකකට පස්සේ Fate සඟරාවේ පලවෙලා තියෙන ලිපියකින් ජෝර්ජ් - X සෑන්ඩ් ද,නෞකා සහ ගුවන් යානා අතුරුදන් වීම් පිළිබඳ අනාවරණ කරලා තියෙනවා.

 

Flight 19 නම් අමෙරිකානු ගුවන්යානයට අත් වූ ඉරණම ගැන ගැනත් එහි සදහන් වෙලා තියෙනවා. ලොව තවමත් නොවිසඳුණු අභිරහස් වලින් එකක් ලෙස සැලකෙන මෙම ත්‍රිකෝණාකාර මුහුදු කලාපය තුළ වර්තමානය වන විට අතුරුදන් වී ඇති ගුවන් යානා හා නෞකා ප්‍රමාණය ගණනින් සිය ගණනකි.

 

ඉන් සිදුවීම් කිහිපයක් ලෙස,

 

* 1945 දෙසැම්බර් 5 දින Flight 19 ගුවන් බලගණය අතුරුදහන් වීම සහ PBM Mariner යානාවක් පුපුරා යාම.‍

* 1948 ජනවාරි 29 දින Star Tiger ගුවන් යානය අතුරුදහන් වීම. * 1963 අගෝස්තු 28 දින KC-135 වර්ගයේ ගුවන් යානා 2 ක් අතුරුදහන් වීම.

* 1999 අප්‍රේල් 14 දින ටොන් 450 ක Genesis භාණ්ඩ ප්‍රවාහන නෞකාව අතුරුදහන් වීම.

* 1999 ජූනි 14 දින Cessna 210 ගුවන් යානය අතුරුදහන් වීම.

දැක්විය හැකිය.

 

බර්මියුඩා ත්‍රිකෝණය අසල මාලිමාවල හැසිරිම ඉතා අසමාන්‍යය වෙනවා කියලා හොයාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් මාලිමා කටුව දක්වන්නේ සැබෑ උතුර නොව චුම්බක උතුරය. එහෙත් පුදුමය වන්නේ බර්මියුඩා ත්‍රිකෝණය අසලදී මාලිමාව පෘතුවියේ සැබෑ උතුර පෙන්වන බව කල පරීක්ෂණ වලින් හෙලි වෙලා තියෙනවා.

 

පෘතුවියේ සැබෑ උතුර, චුම්බක උතුරින් අංශක20ක් අපවර්තනය වී ඇති අතර මේ දිශා වෙනස මාලිමා මගින් පෙන්වීම සැබවින්ම අපැහැදිලි තත්වයකි. මේ අයුරින් මාලිමා යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය වෙනස් වන බවට හදුනගෙන ඇති ගොඩ පිහිටි එකම ස්ථානය වනුයේ ජපානයේ Devil Sea වේ.

 

මෙලෙස මාලිමා යන්ත්‍රය වෙනස් වෙන්නේ මෙම ස්ථාන වල ඇති අධික චුම්භක බලය නිසා කියලා සමහරු මත ඉදිරිපත් කරලා තියෙනවා.

 

එසේ නම් ලොව ඇති නොවිසඳුණු අභිරහස් අතරට එක් වී ඇති බර්මියුඩා ත්‍රිකෝණ අභිරහස හෙළිදරව් කරගැනීම අනාගත විද්‍යාඥ පරපුරට ඇති තවත් එක් අභියෝගාත්මක ඉලක්කයක් බව පැවසිය හැක.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

1357 Views

Comments

arrow-up