විමර්ශන: ආරක්ෂිතම එන්නත මොකක්ද? ඇයි මේ ඇස්ට්‍රසෙනිකාම?
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
04

විමර්ශන: ආරක්ෂිතම එන්නත මොකක්ද? ඇයි මේ ඇස්ට්‍රසෙනිකාම?

විමර්ශන: ආරක්ෂිතම එන්නත මොකක්ද? ඇයි මේ ඇස්ට්‍රසෙනිකාම?

චීනයෙන් ඇරඹී පසුගිය වසර පුරාම ලොව පුරා සීඝ්‍රයෙන් පැතිරී ගිය කොවිඩ්-19 වෛරසය නිසා ජීවිතක්ෂයට පත් වූ මිනිසුන් ප්‍රමාණය අති මහත්ය.ඇමෙරිකානුවන් 350 000 වැඩි ප්‍රමාණයක් මෙම රෝගයෙන් මියගොස් ඇති අතර තවත් බොහෝ දෙනෙක් තවමත් වෛරසය ආසාදනය වී සුවය ලැබීමට වෙර දරමින් සිටිති.

කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා විද්‍යාඥයින් විසින් දැනට සාර්ථක එන්නත් කිහිපයක්ම නිපදවා ඇති අතර මේවා අතරින් වෛරසය සඳහා වඩාත් විශ්වාසදායක හා ආරක්ෂාකාරීම එන්නත ලෙස සැලකිය හැක්කේ කුමක්ද?

 

මීට දිය හැකි සරලම හා සුදුසුම පිලිතුක් ඇත.සොයා ගෙන ඇති සියලු එන්නත් විවිධ අයුරින් ආරක්ෂාකාරී සහ ඵලදායී බව පෙන්වයි.පුද්ගලයෙකු විසින් මේවා සියල්ල ලබා ගන්නවාට වඩා හෝ එන්නතක් ලබා නොගෙන ජීවිතක්ෂයට පත් වනවාට වඩා කුමන හෝ අනුමත කරන ලද එන්නතක් ලබා ගැනීම වඩාත් සුදුසු වේ.

 

 

දැනට එන්නත් දෙකක් සඳහා FDA වෙතින් හදිසි භාවිත අවසර ලබා දී ඇත.ෆයිසර්(Pfizer)-බයෝ එන්ටෙක් (BioNTech) සහ මොඩර්නා විසින් නිර්මාණය කරන ලද එන්නත් දෙකම MRNA පදනම මත පදනම් වේ.වෛද්‍ය රසායනාගාර අත්හදා බැලීම් වලින් තහවුරැ කරන ලද මෙම එන්නත් දෙකම රෝග වැලැක්වීම සඳහා සියයට 95ක් පමණ ඵලදායී වන බව පෙන්වා දී ඇත.

 

ෆයිසර්-බයෝටෙක් එන්නත:  ෆයිසර්-බයෝටෙක් එන්නත සඳහා FDA විසින් හදිසි භාවිත අවසර ලබා දී ඇත.මෙම එන්නතෙහි කාර්යක්ෂමතා අනුපාතය 95% කි.මෙයින් අදහස් වන්නේ වෛරසය ආසාධනය වන පුද්ගලයන්ගෙන් සියයට 95 ක් පමණ වෛරසය සමඟ බරපතලව ආසාධනය වීම වැලැක්වෙන බවයි.ෆයිසර් එන්නත මූලික වශයෙන් වයස අවුරැදු දහසයට වැඩි පුද්ගලයින් සඳහා වේ.එය වරක් එන්නත් කල පසු දින 21ක පමණ පරතරයකින් නැවත ලබා ගත යුතු වේ.නමුත් ෆයිසර් එන්නත ඉතා අඩු උෂ්ණත්වයක ගබඩා කල යුතු බැවින් එය ලබා ගත හැකි පිරිස සීමා සහිත වේ.

 

 

මොඩර්නා (Modern a) එන්නත : මෙයද සියයට 94ක පමණ කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරයි.මෙම එන්නත වයස අවුරැදු 18 ට වැඩි පුද්ගලයින් හට ලබා දේ.

 

ඇස්ට්‍රොසෙනෙකා එන්නත: ඇස්ට්‍රොසෙනෙකා හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කල අත්හදාබැලීම් වල ප්‍රතිඵලයක් ලෙස මෙම එන්නත සොයා ගත් අතර කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීමට 70වක පමණ ඵලදායීතාවක් මෙය සතු වේ.මෙය මොඩර්නා හා ෆයිසර් එන්නත් වලට සාපේක්ෂව සැලකිය යුතු තරම් ලාභදායක වේ.ඇස්ට්‍රොසෙනෙකා එන්නතෙහි මෙම විභව සාර්ථකත්වය එක්සත් ජනපදයෙන් හා එක්සත් රාජධානියෙන් පිටත ජනයාට විශේෂයෙන්ම වැදගත් වේ.

 

 

ඩියුක් ගෝලීය සෞඛ්‍ය නවෝත්පාදන මධ්‍යස්ථානයේ දත්ත වලට අනුව අඩු ආදායම් ලාභී ජනතාවටද ඇතුළුව කොවිඩ්-19 එන්නත් සමානව බෙදා හැරීමේ ගොලීය මුල පිරීම වන COVAX සමඟ දැනටමත් ගිවිසුමක් ඇති කරගෙන ඇත්තේ මෙම එන්නත් තුනෙන් ඇස්ට්‍රොසෙනෙකා එන්නත පමණි.ඒ අනුව ඇස්ට්‍රොසෙනෙකා එන්නතෙහි පැහැදිලි වාසි පවතින නිසාම එය ලොව පුරා “සුභ ආරංචියක්” ලෙස පවසයි.මෙය මසක් සඳහා සම්පූර්ණ මාත්‍රාවන් දෙකකට 65% ක් පමණ ඵලදායි බවත් සම්පූර්ණ මාත්‍රාවකින් අඬක මාත්‍රාවක් සඳහා 90%කි පමණත් ඵලදායී බව නිවේදනය කිරීමත් සමඟම ඇස්ට්‍රොසෙනෙකා එන්නතෙහි දත්ත සහ අතාවරණයන් පිලිබඳව ගැටලු පැන නැගීමට පටන් ගත් බව නිව්යෝර්ක් ටයිම්ස් පවසා තිබුණි.

 

අනුමත එන්නත් ලබා ගැනීමෙන් ලැබෙන වාසිය නම්,වෛරසය සමප්‍රේශනය වීම වැලැක්වීම සහ Corona වෛරස් රෝග වලින් ආරක්ෂා වීමයි.ඒ අනුව ගත හැකි හොඳම තීරණය වන්නේ අනුමත කල ,වැඩිම විශ්වාසදායක එන්නත ලබා ගැනීමයි.

 

 

කොවිඩ්-19 එන්නත් ලබා ගැනීමෙන් පසු ඔබේ ශරීරයේ ප්‍රතිචක්‍රීකරනය ඇති වීමට සති කිහිපයක් ගත වේ.එමෙන්ම කොවිඩ්-19 එන්නත පළමු හෝ දෙවන මාත්‍රාවෙන් පසු මෘදු අතුරැ ආබාධ ඇති කල හැකිය.එන්නත් කල ස්ථානය රිදුම් දීම,රතු පැහැ වීම හෝ ඉදිමීම සිදු විය හැක.තවද උණ, තෙහෙට්ටුව,හිසරදය,හන්දිපත් රැදාව,මාංශ පේශි රිදුම් දීම ද සිදු වි හැක.බොහෝ අතුරැ ආබාධ එන්නත ලබා දීමෙන් පලමු දින 3 අතර කාලයේ දී සිදු විය හැක.

 

 

එන්නත් ලබා ගැනීමෙන් පසුව ඇතැමුන් ආසාත්මිකතා පෙන්වන බවට වාර්තා තිබේ.එනම් එන්නත ලබා ගෙන පැය 4ක් පමණ ඇතුලත දද,හුස්ම ගැනීම් අපහසුතා,වමනය වැනි රෝග ලක්ෂණ පෙන්වා තිබීම නිසාවෙනි.MRNA කොවිඩ්-19 එන්නතෙහි කිසියම් ද්‍රව්‍යක් සඳහා ඔබට ආසාත්මිකතා ඇත්නම් දැනට පවතින කොවිඩ් එන්නත් වලින් එකක්වත් ලබා නොගැනීම වඩාත් සුදුසු වේ.ඔබ ආසාත්මිකතා පිලිබඳ ඉතිහාසයක් ඇති අයෙකු නම්,ඔබට කොවිඩ්-19 එන්නත ලබා ගත හැකිදැයි වෛද්‍යවරයෙකුගෙන් විමසා සටීම සුදුසුය.පොලිසෝර්බේට් (polysorbate) වලට ආසාත්මිකතා ඇති අය MRNA කොවිඩ්-19 එන්නතක් ලබා ගැනීමෙන් වැලකිය යුතුය.ගර්භණී හෝ මව් කිරි දෙන කාන්තාවන්ගේ කොවිඩ්-19 එන්නත් වල ආරක්ෂා පිලිබඳව පර්යේෂණ නොමැත.ඔවුන්ගේ අවශ්‍යතාවය මත පමණක් එන්නත් ලබා ගත හැක.අවදානම් බව පිලිබඳව සෞඛ්‍ය සේවා නිලධාරීන් සමඟ කතිකා කල හැකිය.

 

 

 

 

 

 

 

 

 

Researched & written by : Anu Shen

Photo source : Internet

views

951 Views

Comments

arrow-up