උපන් පිළිවෙළ අනුව පෞරුෂත්වය
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
02

උපන් පිළිවෙළ අනුව පෞරුෂත්වය

උපන් පිළිවෙළ අනුව පෞරුෂත්වය

පවුලක වැඩිමහල් දරුවා ඉතා වගකීමකින් යුතුව තම පවුල වෙනුවෙන් කටයුතු කරන බව ඔබ අසා ඇති. නමුත් සහෝදර සහෝදරියන් නොමැති පවුලේ එකම දරුවා මදක් ආත්මාර්ථකාමී ගතිගුණ ඇති හා ඉල්ලීම් බහුල අයෙකු වන බවත් ඔබ බොහෝ විටක දන්නා කරුණක් විය හැකියි. එය සත්‍යයක්ද එසේත් නැත්නම් අසත්‍යයක්ද යන්න පිළිබඳව දැනගැනීමට නම් ඔබ මේ ලිපිය අවසන් වන තුරුම කියවන්න. උපන් පිළිවෙළ අනුව ගති ලක්ෂණ පිළිබඳව වූ න්‍යාය ප්‍රථම වරට ඉදිරිපත් වූයේ 1920 දශකයෙහි අගභාගයේදී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මිතුරකු හා සගයකු වූ ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් විසිනි.ඇඩ්ලර් විශ්වාස කළේ ඔබ පවුලක උපත ලබන අනුපිළිවෙල අනුව ඔවුන්ගේ පෞරුෂත්වයත් එකින් එකට වෙනස්ව හැඩ ගැස්වෙන බවයි.

 

  • කුළුදුල් දරුවා ( වැඩිමහල් දරුවා ) ඇඩ්ලර්ට අනුව, පවුලක වැඩිමහල් දරුවා ගතානුගතික, බලයට නැඹුරු හා හොඳ නායකත්වයක් හොබවන අය බවයි. බොහෝවිට ඔවුන් තම පවුලෙහි අනෙකුත් සහෝදර සහෝදරියන්ගේ වගකීම්ද භාරගෙන කටයුතු කරන්නෝ වෙති. ඔවුන් රැකබලා ගැනීමට උපන් හපනුන් වෙති. එසේම දෙමාපියන් වීමටත් වැඩි කැමැත්තක් දක්වමින් මූලිකත්වය ගැනීම සිදු කරයි. අවංක හා ආධිපත්‍ය දරන අඩු සමාජශීලි අය වෙති.

 

 

  •  දෙවැනි දරුවා ( මැද දරුවා ) බොහෝ විට මෙවැනි දරුවන් තම වැඩිමහල් සහෝදර සහෝදරියන් අභිබවා කටයුතු කිරීමට උත්සහ කරන්නෝ වෙති. ඔවුන්ගේ සංවර්ධන වේගයද වැඩිය. කලාතුරකිනි ආත්මාර්ථකාමී ස්වරූපයක් ගන්නා මොවුන් බොහෝ සෙයින් තම අභිලාෂයන් ඉටුකර ගැනීමට වෙහෙස මහන්සි වන අය වෙති. ඔවුන් අසාධාරණ ලෙසද තම ඉලක්ක වෙතට ලගා වීමට උත්සහ දරයි. කෙසේ වෙතත් ජීවිතයට එන බාධා හා අපහසුතාවයන් ඔවුන්ව ශක්තිමත් කර තැබීමට හේතු වේ. හෘද සාක්ෂියට එකගව හා කඩිසරව මේ අය කටයුතු කරයි.

 

  •  අවසාන දරුවා ( පවුලේ බාලයා ) සාමාන්‍යයෙන් බාලතම දරුවාට පවුලේ දෙමාපිය, සහෝදර, සහෝදරයින් හා අනෙකුත් නෑදෑයන්ගේ විශේෂ සැලකිල්ලට යොමු වෙනවා. කවුරුත් වැඩිපුර ආදරය දක්වන්නේද පවුලේ බාලතමයාටයි. ඔවුන්ට එයින් අත්දැකීම් අඩු ස්වාධීන භාවයක් එයින් දැනේ. මොවුන් සාමාන්‍යයෙන් පවුලේ අනෙකුත් සහෝදර සහෝදරියන් අභිබවා යෑමට උපරිම උත්සහයක් දරන අය වෙති. එයින් ඔවුන් ජීවිතයේ විශාල සාර්ථකත්වයක් මෙන්ම සමාජය තුළ යම් යම් තෝරාගත් ක්ශේත්‍ර තුළ පිළිගැනීමක්ද ලැබේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම දක්ෂ කලාකරුවන් බවටද පත්වෙයි. ඔවුන් පවුලේ වැඩිමහල් සහෝදර සහෝදරියන්ට වඩා වගකීම් විරහිතව හා යම් අවස්ථාවලදී නුරුස්සන ලෙස කටයුතු කළද විවෘත හා සමාජශීලි ගති ලක්ෂණ ඇත්තෝ වෙති.

 

 

  •  පවුලේ එකම දරුවා පවුලක තුළ තරග කිරීමට සහෝදර සහෝදරියන් කිසිවකුත් නැති අය බොහෝ විට තම පියා සමග තරග කරයි. දෙමාපියන් හා නෑදෑයන් විසින් අසීමිතව ආදරයට හා සුරතලයට ලක්වෙන නිසා අනෙකාගෙන්ද ආදරය සුරතලය හා ආරක්ෂාව දැඩිව අපේක්ෂා කරයි. යැපීම හා ආත්මාර්ථකාමී හැගීම් යම් අවස්ථාවන්වලදී ඉස්මතු වනවා. සහෝදර සහෝදරියන් කිසිවෙකුත් නැති මෙවැනි අය බොහෝ විට පරිපූර්ණත්වයට පත් වන අතර ඔවුන් කුමක් වුවත් තම අරමුණ සාක්ෂාත් කරගැනීමට උපරිම බලය ශක්තිය යොදවන අයද වේ. ඔවුන් බොහෝ උත්සහවන්තයෝ වෙති. ජයග්‍රහණය නිසැකවම ලබා ගන්නට වෙර දරයි.

 

විවිධ වූ රටවල් පර්යේෂණ මගින් කලින් කලට පරීක්ෂණ කරමින් මෙය සනාත කරගෙන ඇත. කෙනෙකුගේ උපන් පිළිවෙල අනුව බුද්ධියට හා පෞරුෂත්වයට යම් බලපෑම් කළ හැකි වුවද, දෙමාපියන් වන ඔබ දරුවන්ගේ සබඳතාව හා දරුවන් නිවෙස්වල ඇති දැඩි කිරීම, පුද්ගලයන් ලෙස ඔවුන්ගේ ජීවිත හැඩගැස්වීමට කටයුතු කිරීම වැදගත් වන බව අමතක නොකළ යුතුයි.

 

 

 

 

 

 

byKaushalya De Silva

Photo source : Internet

views

990 Views

Comments

arrow-up