ලග්න වලින් කියවෙන ගති ලක්ෂණ - 03

එක් එක් ලග්නයන්ට අනුව මිනිසුන්ගේ ඇති විවිධ වූ ගතිලක්ෂණ අවබෝධ කරදීමට අවස්ථාවක් ලබා දීම මෙම ලිපි පෙළෙහි අරමුණයි. පෙර ලිපි වලදී අප ඔබට ලග්න හතරක් පිළිබඳව තතු ගෙන ආවා. අද තවත් ලග්න දෙකක ගතිලක්ෂණ දැනගන්න. මෙයින් ඔබගේ අඩුපාඩු හෝ දුර්වලකම් තවත් හොඳින් දැනගෙන හැකි තරම් දුරට ඒවායින් මිදීමට කටයුතු කළ හැකිය.
> සිංහ ලග්නය
මෙම ලග්නයට හිමිකම් කියන්නන් උඩගුකම, අහංකාරකම, මහන්තත්තකම මෙන්ම නායකත්වයෙන් හා ප්‍රධානත්වයෙන් කටයුතු කිරීමට හා පාලන දක්ෂයෝ වෙති. කෙලින් මූණට කතාව ඇති මොවුන් නැහැ හෝ බැහැ යන වචන වලට දැඩි අකමැතක් දක්වන්නෝ වෙති. ඕනෑම අභියෝගයක් හොඳින් භාරගෙන ඉදිරියට යෑම මිස මෙම ලග්න හිමියන්ගේ කිසිවිටෙකත් පසුබැස්මක් නොමැත. නිසි පිළිවෙලකට හා සැලසුමකට අනුව ඔවුන් නිතරම කටයුතු කරයි. අයුක්තිය ඉදිරියේ සටන් කිරීම මෙන්ම වාද කරයි. මොවුන් රාජකාරියක් අවංකව හා කැපවීමෙන් සිදු කරයි. දරාගැනීමේ ශක්තියද උපරිමට ඇත. සත්පුරුෂ ගතියද මොවුන් තුළ ඇත. කිසිවෙකුටත් යටත් වී ජීවත් වීමට අකමැති අය වෙති. මෙම ලග්න හිමියා අන් අයගෙන් වැඩ රාජකාරි කරවා ගැනීමටද අති දක්ෂයෝද වෙති.
> කන්‍යා ලග්නය
මෙම ලග්නයට අයත් වූ පුද්ගලයන් ගුප්ත චරිත වේ. යමක් වටහා ගන්නේද අඩුවෙනි. ආගම කෙරෙහි ලැදියාව දක්වයි. අනවශ්‍ය කලබලය නිසා ඉතා ඉක්මනින්ම ප්‍රශ්න වල පැටලැවෙයි. අමතක වීමේ ගතියක් ඇති මොවුන්ට ඇති අතරම, කාර්යක්ෂමව කටයුතු කිරීම හා අලස ගතියද යම් අවස්ථාවලදී ඇතිවේ. අධ්‍යාපන කටයුතු හා දක්ෂතාවයන්ට වැඩි ලෙස නැඹුරු වේ. කටට රසට ආහාර ගැනීම නිසා කට පරිස්සම ගොඩාක් අඩුයි.
කතාබහකට මුල පිරූ විට අටුවා ටීකා ටිප්පනි සියල්ල ගැන තොරතෝංචියක් නැතිව කථා බහ කරයි. තමන් සතු සුළු දෙයක් ගැන වුවද ඉතා ආඩම්බරයෙන් කතා කරයි. මොවුන්ට වගකීමක් භාර දුන්විට සෑමවිටකම පිටුපසින්ම සිටිය යුතුයි. ආත්ම ශක්තිය අඩු නිසා ඔවුන්ට දියුණුව ප්‍රමාද වෙන ලක්ෂණ ඇත. පුංචි දෙයක් වුවද ලොකුවට සිතා කටයුතු කරන නිසා දොස් අසයි. අහිංසක ගති ලක්ෂණ ඇති වුවද දුෂ්ඨ ගතියක්ද ඉදහිට ඇතිවන්නේද නැතුවාම නොවේ. මුලදී යම් දෙයකට ඇති උනන්දුව අවසානය වන තෙක්ම නොතිබීම නිසා මොවුන් බොහෝ වැඩ අතරමග නවත්වයි.
by Kaushalya De Silva
Photo source : Internet
1126 Views
Comments