ලෝකයට ඇදහැලුණු අමුතු වැසි

ශ්‍රී ලාංකික අපිට නම් අසන්නට ලැබී තිබෙන්නේ ඉතාමත් කලාතුරකින් ඇද හැලුණු "අයිස් කැට" වස්සක් හෝ "මාලු" වැස්සක් වැනි වැසි පතනයක් ගැන පමණයි. එවැනි වැස්සකට මුහුණ දෙන අයට හෝ සියැසින් දකින අයට එම අත්දැකීම ජීවිත කාලය පුරාවටම මතක හිටින අත්දැකීමක් වීමටත් පුළුවන්. මේ ලිපිය එලෙස ලෝකයට ඇදහැලුණු අමුතු වැසි කිහිපයක් පිළිබඳවයි.
1. රතු වැස්ස
1957 වසරේ ජූලි මාසයේ එක් දිනක, ඉන්දියාවේ කේරල ප්‍රාන්ත වැසියන්ව භීතියට පත් කරමින් මෙම අමුතු වැස්ස හඩා හැලුණා. වැහි බින්දු වල තිබූ අසාමාන්‍ය දීප්තිමත් රතු පැහැය තමයි ප්‍රාන්ත වැසියන්ව භීතියට පත් කලේ. වැස්සට හසුවුණ මිනිසුන් රෝස පැහැයට හැරී තිබුණා. මේ පිළිබඳව විද්‍යාඥයන්ගේ පළමු අදහස වුණේ දැවීගිය උල්කාපතයක් නිසා මෙම වැහි බින්දු රත් පැහැයක් ගත් බවයි. නමුත් පසුව ඔවුන් පවසා සිටියේ එම රත් පැහැයට හේතුව සුළගට හසුවී ගසාගෙන ආ ඇල්ගී විශේෂයක බීජ බවයි. රතු වැසි කේරලයට ආවේනික දෙයක් වී තිබෙනවා. එම නිසා දැන් කේරල වැසියන්ට රතු වැසි සාමාන්‍ය තත්වයක්.
2. කිරි වැස්ස
ඇමරිකාවේ වොශින්ග්ටන් සහ ඔරිගන් ප්‍රාන්ත ආසන්නයේ වෙසෙන වැසියන් බියට පත් කිරීමට මේ වැස්ස සමත් වුණා. එලෙස ඇද වැටී තිබුණේ ඇත්තම කිරිනම් නෙමෙයි. කිරි වල පැහැය ගත් සුදු වැහි බිංදු ඇති වුණේ කොහොමද යන්න මේ පිලිබඳව සොයා බැලීම් සිදුකල විද්‍යාඥයන්ටත් සිතා ගැනීමට නොහැකිවුණා. පසුව ඔවුන් මෙවැනි වැස්සක් ඇතිවිය හැකි ක්‍රම දෙකක් ගැන අදහස් දක්වා තිබුණා. ඔවුන්ගේ පළමු අදහස වූයේ රුසියාවේ සක්‍රීය ගිනි කන්දකින් නිකුත් වුණු අලු සුළගට ගසාගෙන විත් මෙම වැහි වතුර සමඟ මිශ්‍ර වීමට හැකියාවක් ඇති බවයි. ඔවුන්ගේ දෙවැනි අදහස වූයේ ඔරිගන්වලම පිහිටි විලකින් නිකුත් වූ දූවිලි අංශු වැහි වතුර සමඟ මුසු වී කිරි පැහැති වැහි බිංදු හටගත් බවයි.
3. කොළ වැස්ස
මේ වැස්සත් ඇද හැලී තිබුණේ අසල්වැසි ඉන්දියාවටම තමයි. 2002 වසරේ ග්‍රීශ්ම ඍතුවේ එක් දිනක කල්කටා ප්‍රාන්තයට ඇදහැලුණු මේ වැස්ස දකින කෙනෙකුට භයානක හෝ විෂ ඇසිඩ් සහිත වැස්සක් ලෙස පෙනුණත් එය කිසිම හානියක් නොමැති වැස්සක්. මල්, අඹ රේණු සහ මී මැස්සනේ මලපහ එහි අඩංගු වී තිබුණා.
4. ඇපල් වැස්ස
මෙම වැස්ස ඇදහැලුණේ එංගලන්තයේ කුඩා නගරයකට. එම නගරවැසියන් කියා සිටියේ විනාඩි ගනණක් පුරාවටම අහසින් ඇපල් ගෙඩි ඇදහැලුණු බවයි. මේ පිලිබඳව සොයාබැලූ විද්‍යාඥයන්ගේ අදහස වූයේ එම ප්‍රදේශය අවට තිබූ පළතුරු වත්තක තිබූ ඇපල් දැඩි සුළගට හසුවී පසුව නැවත මෙම නගරයට පතිත වී ඇති බවයි. මෙම අමුතු වැසි වලට අමතරව විවිධ වර්ණයන්ගේ වැසි, ටෙනිස් බෝල වැසි, බඩ ඉරිගු වැසි වැනි අමුතු වැසි ලොව පුරා ඇද වැටී තිබෙනවා.
by Nimanthi Muthukudaarachchi
Photo source : Internet
1078 Views
Comments