බලාපොරොත්තු සුන් වූ ඔබට ෆෝකස්-වීල් (Focus Wheel)

බොහෝ දෙනෙකුට තම බලාපොරොත්තු සුන් වීම නිසා අනිවාර්යයෙන්ම මානසිකව බිදවැටීමකට ලක් වෙනවා. එය සාමාන්‍ය දෙයක්. ජීවිතයෙහි කළකිරීමක් පවා සිදු වේ. සියළු දේ අත්හරින්නට සිතෙන වාර අනන්තයි. මෙවැනි සිතුවිලි මනසට එන සෑම කෙනෙකුටම තම ජීවිතය අර්ථ විරහිත යැයි හැගේ. මෙවැනි අවස්ථාවකදී එයින් මිදීමට කළ හැකි සරල ක්‍රමයක්, ලේඛකයන් වන එස්තර් සහ ජෙරී හික්ස් විසින් යෝජනා කරයි. එය ඔවුන් ෆෝකස්-වීල් ( Focus-wheel ) ක්‍රමය ලෙස හදුන්වයි.
සැබැවින්ම මෙම ක්‍රමය තුළින් නැවතත් ඔබේ ආත්ම විශ්වාසය ගොඩනගා ගත හැකියි. ඔබත් කඩදාසියක් හා පෑනක් අතට ගෙන මෙම ෆෝකස්-වීල් ( Focus-wheel ) ක්‍රමය අත්හදා බලන්න. පළමුව, කඩදාසි කොළයේ විශාල රවුමක් අඳින්න. ඉන්පසු එම විශාල රවුම මැද අඟල් 2 (සෙ.මී. 5) පමණ විෂ්කම්භයකින් යුත් කුඩා කවයක් අඳින්න. පහසුවෙන්, විවේකීව වාඩි වී මෙම කුඩා රවුම දෙස හොඳින් බලන්න. ඔබේ අවධානය එම රවුමට යොමු කරන්න. දැන්, මොහොතකට ඔබේ ඇස් වසාගෙන, ඔබට සෘණාත්මක හැඟීම් ඇති කළ සිදුවීම් කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න. එයින් ඔබට නැවත කිරීමට හෝ අත්දැකීමට අවශ්‍ය නැති දේ හරියටම නිර්වචනය කරගන්න. එවිට ඔබටම මෙලෙස කියා ගන්නට අත්‍යවශ්‍යයි
"මට අවශ්‍ය නැති දේ මම අනිවාර්යයෙන්ම දනිමි. ඉතින් මට අවශ්‍ය කුමක්ද?" ඔබට අවශ්‍ය දේ පැහැදිලිව හඳුනා ගැනීමට උත්සාහ කරන්න. ඔබේ ඉලක්කයන්, ඔබේ ජයග්‍රහණයේ ප්‍රතිඵල සහ ඔබේ මනෝභාවය ඉහළ නංවන දේවල් පිළිබඳ ඔබේ අදහස් එකතු කර, එම අදහස් එකින් එක කෙටි වාක්‍යයකින් ලිවිය හැකි වන ආකාරයට රවුම් තුළ ලිවීම ආරම්භ කළ යුතුයි. එය ලිවීමටද යම් පිළිවෙළක් තිබේ. නිදසුනක් වශයෙන්, ඔබට ඔබේ බර අඩු කර ගැනීම අත්‍යාවශ්‍යම කරුණ බව අප සිතමු. මෙම ප්‍රධාන ඉලක්කය කුඩා කවය මධ්‍යයේ ලියන්න. මීළඟට ඔරලෝසුවක් සිතට ගෙන එහි 12 අංකය තිබෙන තැනින් පටන් ගෙන ඔරලෝසුව ගමන් කරන දිශාවට කොටස් 12 ක් පිටත රවුම බෙදා ඔබේ අදහස් ලිවීම ආරම්භ කරන්න. එවිට ඔබට ධනාත්මක හැඟීම් ලබා දෙන ප්‍රකාශ 12 ක් ලැබේ.
මෙසේ පිළිවෙලින් මැද හා විශාල රවුමේ කොටස් 13 ලියා අවසන් වන විටදී, ඔබට ඔබේ ඉලක්කයන් සපුරා ගැනීමේ අවශ්‍යයතාවයත්, හැකියාවත් ඇති බව ඔබට නිරායාසයෙන්ම හැගෙන්නට පටන් ගනු ඇත. ඔබට එය කළ හැකි බවට අපටද සැකයක් නැත! ෆෝකස්-වීල් (Focus-Wheel) ක්‍රමය එතරම්ම ඵලදායී වන්නේ ඔබ දැනටමත් සිදු කිරීමට අවශ්‍ය දේ ඔබ ලියන ප්‍රකාශ සදහා තෝරාගෙන ඇති බැවිනි. ඒවා නිරූපණය කරන්නේ ඔබ සැමවිටම ඔබට ගැලපෙන යැයි සිතන, විශ්වාස කරන දේ ඔබේ බලාපොරොත්තු හා ඉලක්කයන් ලෙස නැවතත් සිතට රැගෙන ඒම තුළිනි. රෝදය මධ්‍යයේ ඇති ඉලක්කය කෙරෙහි අවධානය යොමු කිරීමෙන්, ඔබේ සියලු අභිප්‍රායන් ඉටු විය හැකි බවට වැඩි වැඩියෙන් ඔබට අවබෝධ වනවා ඇත. දැන් ඔබට අවශ්‍ය මේ සියල්ල සාක්ෂාත් කරගැනීම පමණි. එනිසා ඔබ ඔබේ පළමු පියවර තබන්න! මෙය ඔබට සහය වේවි.
by Kaushalya De Silva
Photo source : Internet
994 Views
Comments