සංක්‍රමණියකින් පිරිසක් නිසා ඉතාලියේ දූපතක හදිසි තත්ත්වයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
16

සංක්‍රමණියකින් පිරිසක් නිසා ඉතාලියේ දූපතක හදිසි තත්ත්වයක්

සංක්‍රමණියකින් පිරිසක් නිසා ඉතාලියේ දූපතක හදිසි තත්ත්වයක්

ඉතාලියේ Lampedusa දූපතට පැය 24ක් තුළ සංක්‍රමණිකයින් 7000ක් ළඟා  වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ මෙම සංක්‍රමණිකන් ටියුනීසියාවේ සිට පැමිණ ඇති බවය. 

 

එම ප්‍රමාණය Lampedusa දූපතේ සමස්ත ජනගහනයට වඩා දහසකින් පමණ අධික වන බවට වාර්තා වෙයි.

 

ඒ අනුව මෙම සංක්‍රමණිකයින් පිරිස පැමිණීමත් සමග දූපතේ ජනගහනය දෙගුණයක් බවට පත්ව තිබේ.

 

ඒ සමග විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ උද්ගත වූ කලබලකාරී ස්වාභාවයත් සමග දූපතට හදිසි තත්ත්වයක් ද නිවේදනය කර ඇති බවය. 

views

280 Views

Comments

arrow-up