මොරොක්කෝවට ප්‍රබල භූ කම්පනයක්

ඊයේ රාත්‍රියේ මොරොක්කෝ රාජ්‍යයේ රික්ටර් මාපක 6.8ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන ඇති අතර එම ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයන් 300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
එසේම පුද්ගලයන් 153 දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.
මොරොක්කෝවේ මාරකේෂ් සිට නිරිත දෙසින් කිලෝමීටර් 71ක් ඔබ්බෙන් වූ හයි ඇට්ලස් කඳුකරයේ, කිලෝමීටර් 18.5ක් ගැඹුරින් මෙම කම්පනය ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
භූමිකම්පාවෙන් al-Haouz, Marrakesh, Ouarzazate, Azilal, Chichaoua සහ Taroudant යන පළාත්වලට බලපෑම් එල්ල වී තිබේ.
ඇට්ලස් කඳුකරයේ ඇති වූ භූ කම්පනය කිලෝමීටර් 350ක් පමණ දුරින් පිහිටි රබාත් අගනුවරට මෙන්ම කැසබ්ලැන්කා සහ එසවුරා වෙත ද දැනී ඇති බව වාර්තා වේ.
239 Views
Comments