මොරොක්කෝවට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය පිරිස දහස ඉක්මවයි

උතුරු අප්‍රිකානු රාජ්‍යයක් වන මොරොක්කෝ රාජ්‍යයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් දහසකට අධික පිරිසක් මියගොස් 300කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
මෙය වසර 120 කින් පසු උතුරු අප්‍රිකා කලාපයෙන් වාර්තා වූ ප්‍රබලම භූ කම්පනය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහි අපකේන්ද්‍රය සටහන් වී තිබුණේ එරට මරකේෂ් නගරයට කිලෝමීටර 71ක් නිරිත දිගින් පිහිටි හයි ඇට්ලස් කඳු වැටියේ කිලෝමීටර 18.5ක ගැඹුරකිනි.
ඉන් වැඩි හානියක් සිදුව ඇත්තේ එරට සිව්වන විශාලතම නගරය මෙන්ම යුනෙස්කෝ ලෝක උරුම අතරට අයත් ඉහළ සංචාරක ආකර්ශනයක් දිනා ඇති මරකේෂ් නගරයටය.
බහුතර මරණ ගණනක් වාර්තා වී ඇත්තේ ළඟාවීමට අපහසු කඳුකර දුෂ්කර පෙදෙස්වලින් බව සඳහන් වන අතර ඒ අනුව, මරණ ගණන තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතී.
මේ අතර තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින අතර ඔවුන් මුදාගැනීමට සහන සේවකයින්ට දැඩි ප්‍රයත්නයක් දරන බවද වාර්තා වෙයි.
භූ කම්පනයෙන් එරට වසර 850 ක් පැරණි මුස්ලිම් දේවස්ථානයකට ද හානි සිදුව ඇති අතර එය කඩා වැටීමේ අවධානමක් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රධාන භු කම්පනයෙන් විනාඩි 19කට පමණ පසු රික්ටර් මාපාංකයේ ඒකක 4.9ක ප්‍රබලත්වයකින් යුතු පසු කම්පනයක් ද බලපා තිබේ.
ඒ අනුව මොරොක්කෝ ජනතාව නිවාසවලින් පිටතට පැමිණ සිටි අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
භූ කම්පනයේ බලපෑම අසල්වැසි ඇල්ජීරියාවට සහ මොරොක්කෝ වෙරළ තීරයට ඔබ්බෙන් පිහිටි කැනරි දූපත්වලට දැනී තිබේ.
එමෙන්ම ඉන් මොරොක්කෝ භූමි ප්‍රදේශයෙන් තුනෙන් එකකට බලපෑම් එල්ල වී ඇතැයි සඳහන්ය.
ඒ අනුව , මෙය 2004 වසරෙන් පසු මොරොක්කෝවට බලපෑ ප්‍රබලතම භු කම්පනය බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එමෙන්ම මෙය වසර 120කින් පසු උතුරු අප්‍රිකානු කලාපයෙන් වාර්තා වූ ප්‍රබලතම භූ කම්පනයද වෙයි.
259 Views
Comments