ලොව විශාලතම සිලින්ඩරාකාර මාළු ටැංකිය පුපුරා යයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

ලොව විශාලතම සිලින්ඩරාකාර මාළු ටැංකිය පුපුරා යයි

ලොව විශාලතම සිලින්ඩරාකාර මාළු ටැංකිය පුපුරා යයි

ජර්මනියේ බර්ලින් නුවර පිහිටා ඇති Radisson Blu හෝටලයේ ආලින්දයේ පිහිටි ජලය ලීටර් මිලියනයක් අඩංගු යෝධ මාළු ටැංකියක් පුපුරා ගොස් තිබේ.

 

මේ හේතුවෙන් හෝටලය සහ අවට වීදී ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඇක්වා ඩෝම් ලෙස හඳුන්වන මෙම මාළු ටැංකියේ මසුන් 1,500ක් පමණ සිට තිබේ.

 

මීටර් 15.85ක් උස මෙම මින් මැදුර ලොව විශාලතම නිදහස් සිලින්ඩරාකාර මින්මැදුරු ලෙස ද වාර්තා වෙයි.

 

මින් මැදුර පුපුරා යාම හේතුවෙන් එහි සිටි මත්ස්‍යයින් බහුතරයක් මියගොස් ඇති අතර මුදාගත් මත්ස්‍යයින් ආරක්ෂිත මින් මැදුරක තැන්පත් කිරීමට පියවර ගෙන තිබේ.

 

මාළු ටැංකිය පුපුරා යෑමට හේතුව මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

 

views

291 Views

Comments

arrow-up