ජම්මු - කාශ්මීර්හි ත්‍රස්තවාදීන් සහ හමුදා අතර ගැටුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

ජම්මු - කාශ්මීර්හි ත්‍රස්තවාදීන් සහ හමුදා අතර ගැටුමක්

ජම්මු - කාශ්මීර්හි ත්‍රස්තවාදීන් සහ හමුදා අතර ගැටුමක්

ඉන්දියාවේ ජම්මු - කාශ්මීර්හි ඉන්දීය දේශ සීමාව ආසන්නයේ අනන්ත්නග් දිස්ත්‍රික්කයේ දී ඉන්දීය ආරක්ෂක අංශ සහ ත්‍රස්තවාදීන් අතර ගැටුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ.

 

ගැටුම්වලින් මේ වනවිට ත්‍රස්තවාදීන් මෙන්ම ඉන්දීය ආරක්ෂක අංශ නිලධාරීන් ද මිය ගොස් ඇතැයි සඳහන්ය.

 

එමෙන්ම තවත් පිරිසක් අතුරුදන් ව ඇති බව ද විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

 

වන භූමියක මෙම ගැටුම් ක්‍රියාත්මක වන අතර, ත්‍රස්තවාදීන් මනා පුහුණුවක් ලද සන්නද්ධ පිරිසක් බව ඉන්දීය මාධ්‍යය වාර්තා කර ඇත.

 

එමෙන්ම ඔවුන් ඉතාමත් උපක්‍රමශීලී ලෙස සැඟ ව සිට පහර දෙන බව ද වාර්තා වේ.

views

359 Views

Comments

arrow-up